08

111 9 0
                                    

“හේමා…"

"හේමා……”

අහස් කීපවරක් ම හේමාව ඇමතුවත්, ඈ සිටියේ වෙනම ලෝකයක ය. තම රථයෙහි රියදුරු අසුන මත අසුන්ගෙන සුක්කානම දෑතින්ම අල්ලාගෙන ඈ ඒ දෙසම බලාගෙන එකම ඉරියව්වෙන් සිටියේ සෙල්රුවක් මෙනි. කීපවරක්ම රථයෙහි වීදුරුවට තට්ටු කරත් ඵලක් නොවූ නිසාවෙන් අහස් රථයේ අනෙක් පසින් ඇවිදගෙන ගොස් එහි දොරටුව විවර කිරීමට උත්සාහ කළේය. නමුත් ඔහුගේ පුදුමයට මෙන් එය අඟුලුලා නොතිබුණි. එනිසාවෙන්ම රථයේ දොරටුව විවර කරගත් අහස්, හේමමාලිනිට අනෙක්පස මඟී අසුනට ඉක්මනින්ම ගොඩ වූයේය.

“Are you okay?”

ඔහු විමසුවත් ඊට පිළිතුරක් නොලැබුනි. ඈ තවමත් පෙර ලෙසින්ම ගල් වී සිටියාය.

“හේමා!?”

මීට මොහොතකට පෙර හඳුනාගත් තරුණියක් වුවත් අහස් හට ඈ පිළිබඳව දැනුනේ සමීප හැඟීමකි. ඒ සමහරවිට තමා සහ ඇය එකම වේදනාකාරී අවස්ථාවකට එකටම මුහුණදෙමින් සිටින නිසාවෙන් වන්නට ඇති. ඔහුට සිතුනේ එලෙසයි.

“හේමා…?”

ඔහු නැවතත් ඇයව ඇමතුවේය. නමුත් මෙවරත් පිළිතුරක් නොවීය. එනිසයි ඔහු ඇයගේ උරහිසකට තට්ටු කළේ. “හේමා…” තමාව අමතමින්ම උරහිසකට ද දැනුනු ස්පර්ශය නිසාවෙන් හේමමාලිනි පියවි සිහියට පැමිණියාය. තිගැස්සුනු ඇයගේ දෙනෙත්වලට හසුවූයේ අහස්ගේ රුවයි.

“ඔ..ඔයා?” ඈ විමසුවේ පුදුමය ද සමඟිනි.

“මේ.. ඔයාගේ බෑග් එක දාලා ඇවිත්..” අහස් තම අතෙහි රැදුනු බෑගය හේමමාලිනි හට දක්වමින් පැවසුවේය. නමුත් එක්වරම අහස්ගේ අතෙහි රැදුනු බෑගය ගෙන පසුපස අසුනට විසිකළ හේමමාලිනි තම රථය පණනංවා ගත්තාය.

“මගේ වෙහිකල් එකෙන් බහිනවා!!” ඈ එක්වරම මහා හඬින් කෑ ගැසුවේ අහස් හටයි. නමුත් ඔහු තැතිගත්තේ ඇයගේ කෑ ගැසීම නිසා නොවේ. ඒ දෙනෙත්වලට එකතු වූ කඳුළු කැට නිසාවෙනි.

“මේ අහන්න හේමා…”

“කිව්වාම අහලා බහිනවා!!” හේමමාලිනි මෙවර කෑ ගැසුවේ පෙරටත් වඩා ඉකිගසා හඬමිනි. ඔහු ඉදිරියේ හැඬිය නොහැකිය. තමා පාලනය විය යුතුය. නමුත් නොහැකිය. නිරායාසයෙන්ම දෙනෙත්වලට එකතුවන කඳුළු කෙතරම් උත්සාහ කළත් පාලනය කරගත නොහැකිය. එනිසයි ඈ හඬා වැටුනේ.

Adare da? | ආදරේ ද? (Ongoing)Where stories live. Discover now