32

125 10 0
                                    

"කෝ පුතේ පේළියට එන්නකෝ... නෑ නෑ නවෝද්‍යා.... අනේ පුතේ.... ටීචර් කියන එක අහන්නකෝ... ටීචර්ට ආදරෙයි නේද?" දෙව්දාරා උත්සාහ කළේ කෙසේ හෝ තම දරු දැරි කැළ පාලනයට උත්සාහ කිරීමයි.

"පුඃ.... නියම ටීචර්... ළමයි ටිකත් හරි, ටීචර්ත් හරි" එක්වරම ඇසුනු හඬින් දෙව්දාරා හිස හරවා බැලුවාය.

"දෙව් අයියේ.... ඔයා මොකද..." දෙව්දාරා හට තම වදන කියා අවසන් කළ හැකිවූයේ නැත. "මම දන්නවනේ තමුසෙට තනියම මෙච්චර ලොකු වැඩක් කරගන්න බෑ කියලා... හායි බබාලා.... ඔයාලාට අයියා බඩ්ඩක් ගෙනාවා....." දෙව්දාර් දරුවන් වෙතට හැරී සිනාසුනේ සතුටිනි.

"අනේ... දෙව් අයියේ... මොනාද අනේ කරන්නේ?" පෝළිමට පිළිවෙලට සිටී දරුවන් සියල්ලම දෙව්දාර් වටා වටවූයේ සැනෙනි.

"දෙව් අයියේ...." දෙව්දාරා ද ඔහු වෙතට ගියේ නාහෙන් අඬමිනි.

"මොකද ඕයි.. පොඩ්ඩක් ඉන්නවා චුරු චුරු ගාන්නේ නැතුව.. හොඳ ළමයි ටික එන්නකෝ... බබාලා හැමෝටම අයියා ගිෆ්ට් එකක් ගෙනාවා. හැබැයි ගිෆ්ට් එක දෙන්නේ ටීචර් කියන දේ අහලා හිටියොත්. හරිද?" දෙව්දාර් දරුවන් වෙතට නැවී එක්කෙනා දෙන්නාව තමා වෙතට ගෙන තුරුළු කරගත්තේය.

"දෙව් අයියේ.. අනේ ෆොටෝග්‍රැෆි අයියා එනවත් ඇති... ඔය ළමයිව අතාරින්නකෝ අනේ.. පේළියට හදන්න ඕනේ හැමෝමවම"  දෙව්දාරා නැවත වතාවක් චුරු චුරු ගෑවාය.

"අනේ... මාවත් බදාගන්නකෝ අයියේ......"

"අනේ... මාවත්..."

"අනේ... මාවත්..."

"මටත් ඕනේ...."

කුඩා දැරියන් එකා දෙන්නා දෙව්දාර්ගේ තුරුළට ලොබ බඳින්නට වූවෝය.

"හරි හරි.. ඔක්කෝටම දෙනවා.. ඔක්කෝටම දෙනවා... ඔයාලාගේ ටීචර් තමයි කෑ ගහන්නේ" දෙව්දාර් දෙව්දාරා දෙස හොරැහින් බලමින් මිමිණුවේය. "හොඳ අයියා... අයියා නෙවේ සීයා ඔයා...  දෙව් අයියේ.." දෙව්දාරා ඔහු දෙස බලාන මිමිණුවේ මුව ද ඇද කරමිනි. දෙව්දාර් තම දණ නවා කුඩා දරුවන්ව තම දණහිස මත ඉන්දවාගත්තේය. කුඩා සුරතල් දැරියක් ළඟ ඔහුගේ සිත නතරවිය.

"නම මොකක්ද?" දෙව්දාර් විමසුවේ ඒ කුඩා කොපුලක් මිරිකමිනි.

"ධෘති" ඇය සුරතල් අයුරින් පැවසුවේ තරමක ලැජ්ජාවෙනි.

Adare da? | ආදරේ ද? (Ongoing)Where stories live. Discover now