“භාරත මල්ලිගේ පුතත් එක්ක.. ඔව් අනේ… සුමාලිගේ දුව.. ඒකනේ… උදේ කට්ටිය අල්ලගෙන තියෙන්නේ… ඔව්…. එකම ඇඳේ…. ඒක තමයි කියන්නේ.. බලන්න ඉතිං අද කාලේ හැදෙන ළමයි. අක්කාගේ වෙඩින් එකට කලින් දවසේ මෙහෙම වැඩක් කළා කියන්නේ… ඔව් ඔව්…. එහෙම තමයි… නීතා ලොකු නැන්දා කිව්වේ.. ඔව් අනේ….. නූල්පටක්වත් ඇඟේ නැතුව ලු හිටියේ… ඒකනේ කියන්නෙ...”
ඒ වදන් ඇසීමෙන් දෙව්දාරා හට දැනුනේ තමා මුළු මංගල ශාලාවේ සියලුදෙනාම අභියස නූල් පටක්වත් නැතුව නිරුවත් වූවාක් මෙන් හැඟීමකි. මව පැවසූ අන්දමට තමන් නෑදෑකමක් නොදන්නා ‘ඉතා වැදගත්’ දුර නෑදෑ කාන්තාවකට බීම වීදුරුවක් පිළිගැන්වීමටයි දෙව්දාරා සැරසුණේ. නමුත් ඇය දුරකතනයෙන් කියූ එකී වදන් දෙව්දාරාගේ සිත රිදවන්නට පෙර මොහොතක් සිතුවේ නැත.
“නැන්දේ...”
දෙව්දාරා තම නෑදෑ කාන්තාව ඇමතුවේ, තවත් නම් ඇයගේ වදන් අසා සිටිය නොහැකි වූ නිසාවෙනි. වරක් දෙව්දාරා දෙස හැරී බලා රවා, ඈ නැවත වතාවක් දුරකතනයට යමක් කුටු කුටු ගෑවත්, දෙව්දාරා හට එය හොඳින්ම ඇසිනි.
“අර නැහැදිච්ච කෙල්ල ඇවිල්ලා අනේ… මම පස්සේ ඔයාට ගන්නම්” දුරකතන ඇමතුම විසන්ධි කළ කාන්තාව දෙව්දාරා දෙසට හැරුණාය.
“මොකද?” ඇයගේ නොරිස්සුම් හඬ දෙව්දාරාගේ ආත්මශක්තිය හීන කළේය.
“මේ… මේ.. ඩ්‍රින්ක් එක… අම්මා.. කිව්වා..” දෙව්දාරා ඉක්මනින්ම වදන් කරන්නට ගියත්, දැනුනු හැඟීම් ගොන්න නිසාවෙන් ඇයගේ වචන පැටලී ගියේය. “ඩ්‍රින්ක්? හහ්!! නැහැදිච්ච කෙල්ල! මට ඩ්‍රින්ක් අරගෙන එන්න තමුන් කවුද? අනික ඕවට මොනා දාලා තියෙනවද කවුද දන්නේ? අරගෙන යනවා ඔන්න ඕක!” වැඩිමහළු කතගේ වචන තරමක් සැරෙන් ඇසෙද්දී මඟුල් ශාලාවේ වූ කීපදෙනෙක්ගේම දෙනෙත් එදෙසට හැරුණි. දැනුනු අපහසුවටම දෙව්දාරාගේ දෙනෙතට කඳුළු කැට කීපයක්ම එකවර එකතුවූවේ ඇයට ඒවා පාලනය කරගැනීමට අපහසුවක් දැනෙද්දීයි. එනිසයි ඈ වේගයෙන් වේගයෙන් එතනින් නික්මී ගියේ. ඈ දිවගියේ නානකාමරයක් වෙතටයි.
“අනේ අයියේ… ඒක එහෙම එකක් නෙවෙයි.. ඒක මිස්ටේක් එකක් විතරයි. අපි අතර එහෙම දෙයක් වුණේ නෑ” පෙරදී දිනර්ශ හට උත්තර බැඳි ආකාරය දෙව්දාරා හට කල්පනාවට ආවේ ඉබේටම මෙනි.
YOU ARE READING
Adare da? | ආදරේ ද? (Ongoing)
Romanceදැන්ම කියන්න, ආදරේ නම්. Start : [2024|06|01] Cover designed by @JINius_MooN