46

94 12 4
                                    

ඉතිං මෙතෙක් කල් දෙව්දාරා බලා සිටී දිනය උදා විය. ඇය උදෑසන ම සූදානම් වූයේ ඒ සඳහායි. ඇයගේ නර්සරියේ විවිධ ප්‍රසංගය යෙදී තිබුණු දිනය උදා වූ අතර, දෙව්දාරාට වැඩ රාජකාරී බොහෝමයක් විය.

"දෙව්..., මේ කිරි එක බොනවා..."

දෙව්දාර් කුටියට පැමිණියේ ඇයගේ කිරි වීදුරුව රැගෙනයි. නමුත් දෙව්දාරාට ඊට වුවමනාවක් නැතිවාක් මෙනි. "අනේ එපා දෙව් අයියේ... දැන් වෙලාවක් නෑ..." දෙව්දාරා එලෙස පැවසුවත් ඔහුගෙන් නම් ගැලවීමක් නොවීය. ඇයගේ අතකින් ඇදගත් දෙව්දාර්, ඔහුගේ අතින්ම කිරි වීදුරුව මුවට ළං කළේය. එනිසාවෙන්ම දෙව්දාරා ඔහු දෙස බැලුවත් ඒ දෙනෙත් ගැටුනේ ආදර මල්සර හීයක් විදිමිනි. දෙව්දාර් තම දෑස්වලින්ම ඇයට ඉඟි කළේ කිරි වීදුරුව තොල ගාන ලෙසයි. ඔහුගේ දෙනෙත් දෙසම බලාන යුවතිය යාන්තමට මුව විවර කර කිරි වීදුරුව හිස් කරන්නට ගත්තේ මොහොතකටවත් ඒ දෙනෙත්වලින් තම දෙනෙත් ඉවතට නොගෙනයි.

"දෙව්..."

කවදාටත් වඩා ආදරණීය හඩකින් ඔහු ඇයව ඇමතුවේය. කිරි වීදුරුව ඇය හිස් කළ සැනින් දෙව්දාර් එය කන්නාඩි මේසය මතින් තැබුවේය. ඉන්පසුව ඔහු දෙව්දාරාගේ වතට එබිණ. දෙව්දාරාගේ විසිරී ගොස් ඇති කෙස් කැබලී කීපයක්ම අල්ලාගත් දෙව්දාර් ඒවා පිළිවෙලට පිටුපසට දමා ඇයගේ වත තම ඇඟිලි තුඩු වලින් පිරිමැද්දේ හීනි හිනාවක් ද ඒ දෙතොල් මත තවරා ගනිමිනි.

"මගේ දෙව් ඇයි මේ මෙච්චර ස්ට්‍රෙස් වෙලා? ම්?" දෙව්දාරාගේ දෙනෙත් විසල් විය. ඒ ගත අමුතුම සීතලකින් හිරිවැටී ගියේ ඔහුගේ ඒ ආමන්ත්‍රණයටයි.

"මගේ දෙව්?" දෙව්දාරා හදවත යටින්ම නැවත නැවත ඒ වචන ද්විත්වය නැවත නැවත ප්‍රතිරාවය කළාය.

"දෙව්?"

මෙවර නැවත වතාවක් දෙව්දාර්ගේ හඬ ඇසී ගියෙන් දෙව්දාරා තිගැස්සුණාය. ඉතිං පෙරදී ඔහු කතා කළේ ද "දෙව්" කියාද? "මගේ දෙව්" යන ආදරණීය ආමන්ත්‍රණය තමන්ගේ සිතෙහි ඇඳුනු මනෝභාවයක් ද?

"දෙව්...!"

මෙවර නම් දෙව්දාර්ගේ හඩ තරමක් හඩින් ඇසුනු නිසා දෙව්දාරා ඉක්මනින්ම තම අවධානය ඔහුට ලබා දුන්නාය.

Adare da? | ආදරේ ද? (Ongoing)Where stories live. Discover now