Rakshith's POV

104 8 1
                                    

සිද්ධවුණ දේවල් ටිකක් හොඳට කල්පනා කරලා බැලුවාම, මට හිතෙනවා මේ හැමදේම වෙන්න තිබුණ දේවල් කියලා දෙව්දාරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


සිද්ධවුණ දේවල් ටිකක් හොඳට කල්පනා කරලා බැලුවාම, මට හිතෙනවා මේ හැමදේම වෙන්න තිබුණ දේවල් කියලා දෙව්දාරා.

මට මතකයි මුලින්ම ඔයාව හම්බවුණ වතාවේ ඔයා කොච්චර නම් බිඳිලා ද හිටියේ කියලා...

හරියටම මාස හයකට කලින්.., ඔයාට දැනගන්න ලැබිලා තිබුණා මෙච්චර කල් ඔයා හිතින් ආදරේ කරපු කෙනාට අවුරුදු ගාණක ආදර සම්බන්ධයක් තියෙනවා කියලා. එදා මට හම්බුණ කෙල්ලව, මම මලක් වගේ බලාගත්තා.

ඔයා දැන් මට ආදරේ කළාට,
එදා ඔයා එයා ගැන කතා කරපු විදිහට මට හිතුනා ඔයා කොච්චර නම් එයාට ආදරේ කරනවද කියලා... මනුස්සයෙක්ට ඒකපාර්ශ්විකව මෙච්චර ආදරේ කරන්න පුළුවන් ද කියලා...

ඉතිං..,
සමහරවිට, දෙවියන්ට ඔයාගේ ආදරේ බර දරාගන්න බැරුව වෙන්නැති ඔයාගේ ඒ ආදරේම ඔයාට හැමදාටම දුන්නේ..

සමහරවෙලාවට දෙව්,
අපිට දේවල් ලැබෙන්නේ ඒ දේවල් අපිට ඕනේ වෙලාවට නෙවෙයි.
හැබැයි ඉස්සර අපි දේවල්වලට ආස කරපු, ආදරේ කරපු තරම තවමත් වෙනස් වෙලා නැහැ නේද?
අපි ඒ දේවල්වලට ඇත්තටම ආදරේ කළා නම්, අපිට කවදාවත් ඒවා එපා වෙන්නේ නෑ.

මං දන්නවා...
ඔයා ගොඩක් උත්සාහ කළා..
ගොඩක් මහන්සිවෙලා හිත හදාගත්තා...
ඊටපස්සේ ඔයා මට ආදරේ කළා...

ඒත් දෙව්..,
ඔයාගේ හිත අස්සේ එයා හැමදාම හිටියා...
ඔයා දිහා හරිම ඉවසීමෙන් බලාගෙන හිටිය මම ඒක දන්නවා...

සමහරවිට දැන් ඔයාගේ හිත ඇතුළේ ඉන්නේ මම වෙන්න පුළුවන්..
ඒත්, ආයෙත් ඔය හිත අස්සට රිංගන්න එයාට පුළුවන් වෙයි.

ආදරේ කියන්නේ අයිතිකරගැනීම විතරක් නෙවෙයි දෙව්.
ඔයාගේ සතුට ඔයා විඳින්න යනවා කියලා මගේ ඇස්වලට පේද්දී,
කොච්චර වේදනාවක් දරාගෙන වුණත්,
මේ ඇස්වලින් එක කඳුළු බින්දුවක් හලන්නේ නැතුව
මට ඔයාගේ සතුට වෙනුවෙන් ඔයාට සමුදෙන්න පුළුවන් නේද?

ඒකත් එක්තරා විදිහක ආදරයක්.

ඔයාගේ හිතේ සැනසීමෙන් ඔයාගේ අලුත් ජීවිතේ වෙනුවෙන් ගන්න තීරණවලට බාධාවක් නොවී ඈත්වෙන්න මට පුළුවන් නම්,
ඒ වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ මම කරනවා දෙව්.

සමහරවිට ඒ නිසා වෙන්නැති ඔයාගේ ඉස්සරහාම වෙන කෙනෙක්ගේ අතක් අල්ලන්, ආදරයෙන් ඉන්නවා වගේ රඟපාන්න මම කැමතිවුණේ..

රිද්දන්න පුළුවන් දරුණුම විදිහට ඔයාට රිද්දුවාම,
ඔයා ඔයාගේ රිදුනු හිත එයාට බාර කරලා එයා එක්ක සතුටින් ඉදියි කියලා මම විශ්වාස කරනවා.

හැමදාම සතුටින් ඉන්න දෙව්දාරා!
මම ඔයාගේ අහස්.

_ රක්ෂිත් ආලෝක අහස් _

*=*=*=*=*=*=*=*=*=*=*=*=*

ආදරේ ද?
දැන්ම කියන්න, ආදරේ නම්.

Adare da? | ආදරේ ද? (Ongoing)Where stories live. Discover now