09

118 9 0
                                    

“අපි දෙන්නා මැරි කරනවා!~”

අහස්ගේ දෙනෙත් විසල් වූයේ හේමමාලිනිගේ ඒ වදන්වලටය.

“හේමා! පිස්සු හැදිලාද? මට පේන්නේ තමුන් බීලා වැඩිවෙලා විකාර කියවනවා” අහස් තම කෝපය උපරිමයෙන්ම පාලනය කරගෙන හේමමාලිනිව ඇමතුවේය.

“නැහැ! ඇත්තටම කියන්නේ.. අපි දෙන්නා රැවටිලා… අරුන් දෙන්නා අපි දෙන්නාව රවට්ටලා… මගේ දෙව් මාව රවට්ටලා…” හේමමාලිනි නැවත වතාවක් කඳුළු සලන්නට වූයේ අහස්ව අතැර ගොස් තමා පෙර අසුන්ගෙන සිටී අසුනින් අසුන්ගනිමිනි.

“මොනාද කියවන්නේ හේමා… එයාලා ඇයි අපිව රවට්ටන්නේ?” අහස් විමසුවේ කිසිවක් වටහාගත නොහැකිවය.

“ඔයා...කවුද? මොකක්ද ඔයාගේ ජොබ් එක?” එක්වරම හේමමාලිනි විමසුවාය.

“මට කැෆේ එකක් තියෙනවා.. එච්චරයි. මම සාමාන්‍යය මනුස්සයෙක්. ඔයා දැන් හිතන්නේ දෙව් මාව සල්ලි වලට රවට්ටන්න හැදුවා කියලා නම් ඒක කොහෙත්ම එහෙම නෙවෙයි!” විසිහය හැවිරිදි, කැෆේහලක අයිතිකරුවෙකු වූ අහස් පැවසුවේ තම දෑත් පපුවට බැඳගනිමිනි. හේමමාලිනි තම හිස දෑතට සෙලෙව්වේ වේගයෙන් ඇසිපිය ගසමිනි.

“එයා.. මාව රැවැට්ටුවා.. මම මේකට පළිගන්නවා! දෙව්දාර්, මම තමුසෙව නිකං අතාරින්නේ නෑ.. මම මේකට පළි ගන්න එක ගන්නවා!” හේමමාලිනිගේ සිත පතුලින් වෛරයේ ගිනිදැල් ඇයව පුළුස්සන්නට වූවේය.

“ඔයා.., ඔයා කැමතිද ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් හොඳින් ඉන්නවට? එයාගේ අම්මා එක්ක සතුටින් ඉන්නවට?” එක්වරම හේමමාලිනි විමසූ පැනය නොවැටහුනත්, අහස් ඉක්මනින්ම හිස සැලුවේ තමාට සැබැවින්ම අවැසි වන්නේ එය බැවිනි.

“එහෙනම් ලෑස්තිවෙන්න. අපි දෙන්නා මැරි කරනවා” නැවත වතාවක් හේමමාලිනිගේ මුවින් ඒ වදන් පිටවද්දී අහස් ඈ දෙස බැලුවේ විමතියෙනි. පෙර දැනුනු කෝපය දැන් නොමැත. ඔහු පෙරදී කෝපගත්තේ ඇය මත් වතුරින් මත් වී විකාර කියවනවා යැයි සිතුනු නිසාවෙනි. නමුත් මේ මොහොතේ ඇය ඉතාමත් සන්සුන් හඬින් පැවසූව නිසාවෙන් අහස් හට දැනුනේ පුදුමයකි.

“හේමා…, මොනාද මේ කියවන්නේ?” ඔහු ද අතිශය නිවුණු හඬින් විමසුවේ හේමමාලිනිගේ වදන් වටහාගත නොහැකිවය. කසාඳයක් සිදුවීමට යන්නේ දෙව්දාර් සහ දෙව්දාරා අතරය. එයම නොවේද මේ මොහොතේ ප්‍රශ්නයත්? නමුත් හේමමාලිනි මොනවාද මේ පවසන්නේ?

Adare da? | ආදරේ ද? (Ongoing)Where stories live. Discover now