ආ - ද - ර - ය

552 7 2
                                    

ආ - ද - ර - ය

මේ අකුරු හතර ඇතුළේ ලියවිලා තියෙන්නේ පුදුමාකාර හැඟීම් ගොන්නක්. ඒ හැඟීම් ගොන්නට පුළුවන් සමහර දරුණු හිත්වල වුණත් මල් පුබුදුවන්න, සමහර ළාමක හිත් පවා දරුණු කරන්න. තවත් වෙලාවකට දුර්වල හිතකට හයියක් වෙන්න, හයිය හිතක් දුර්වල කරන්න.

ඉතිං ඒ නිසාම 'ආදරය' කියන මේ හැඟීම මේ ලෝකෙ බයානකම හැඟීම වෙන්න පුළුවන්.

ඒත් ඔයා දන්නවද?

ආදරේටයි, වෛරයටයි තියෙන්නේ හීනි නූලක තරම් වෙනසක් කියලා.

සමහර ආදර කතන්දර ආදරයෙන්ම ඉවර වෙද්දී, සමහර ආදර කතන්දර පටන්ගන්නේ වෛරයකින්.

ඒත් ඔයාලා මේ කියවන්න හදන්නේ එහෙම 'සමහර' ආදර කතාවක් නෙවේ.

මේ ආදර කතාව අවසන් වෙන්නෙත් පළිගැනීමකින්.
ඒ වගේම ආරම්භ වෙන්නෙත් පළිගැනීමකින්.

සමහරු කියනවා 'ආදරේ අන්ධයි' කියලා.

හැබැයි 'වෛරයත් අන්ධයි' කියලා ඔයා දන්නවද?

_ Apsara Kumarasinghe _

Adare da? | ආදරේ ද? (Ongoing)Where stories live. Discover now