04

136 10 0
                                    

“අප්පච්චි… එහෙම කරන්නේ කොහොමද? මට ඕල්‍ රෙඩි ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා අප්පච්චි! ඒක ඔයා දන්නවා… අම්මත් දන්නවා” මෙතෙක් කල් භාරත පවුල ඇතුළේ පමණක් තිබූ එම තොරතුර දෙව්දාර් හෙළි කළේය. සියලුදෙනාම පුදුමයෙන් මුව අයා මෙය අසා සිටියත්, අනර්ශාගේ නම් හදවත පවා දෙදරා ගියේය.

“දෙව්.. අයියේ… ඔයාට ගර්ල් කෙනෙක් ඉන්නවද?”

අනර්ශා විමසුවේ දෙනෙතට කඳුළු ද එකතුකරගෙනයි. ඉතිං ඇයට එය විශ්වාස කිරීමට අපහසු විය.

“ඔව් ඉන්නවා! අම්මේ… අප්පච්චිට කියන්නකෝ අනේ...” දෙව්දාර් අනර්ශා හට කෙටියෙන් පිළිතුරු ලබාදී මාධවී වෙතට හැරුණේය. නමුත් අනර්ශා තම මෑණියන් කමනිගේ උරෙහි හිස ගසාන එක්වරම හඬන්නට ගත්තේ මහා හඬින් ඉකිගසමිනි. ඉතිං ඇයගේ සිතෙහි වූ බලාපොරොත්තු කිසිවෙකුට රහසක් නොවීය.

“අනේ භාරත.. බලන්නකෝ ඉතිං වෙන විසදුමක් නැද්ද මේකට..” මෙවර මාධවී විමසුවේ දෙව්දාර්ගේ කීමටය.

“මොනාද ඔයා කියවන්නේ මාධවී? දෙව් දූ කියන්නේ ගෑණු ළමේක්. සොහානාගෙ වෙඩින් එකේ කට්ටිය කතා කරපු හැටි ඔයාට මම ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ… දෙව් දූ කියන්නේ මගෙත් දරුවෙක් වගේ.. ඒ දරුවට කතාවක් අහන්න වැඩකරන්නේ නෑ මම!” භාරතගේ වදන් දෙව්දාර්ව කෝපවත් කළේය.

“ඇයි මේකි ගෑණු ළමේක් කියලා මගේ රූම් එකට රිංගද්දී මතක්වුණේ නැද්ද? අනේ අප්පච්චි ඔයාලාත් මාව ම කන්න!” දෙව්දාර් කෑ ගසාගෙන වේගයෙන් උඩු මහළට ඇවිදගෙන ගියේ, මාධවීගේ ප්‍රියතම මල් වාස් එකකුත් බිඳගෙනය.

“දෙව්දාර්!!!”

භාරතගේ හඬ ඇසුනත් දෙව්දාර් නම් නැවතුනේ නැත.

“අනේ.. ලොකු මාමේ… දෙව් අයියා විතරක් නෙවෙයි… මමත් වැරදියි… මම තමයි...” දෙව්දාරා සිහින් හඬින් මිමිණුවේ පවුලේ ආරවුල දරාගත නොහැකිවයි.

“කටවහගන්නවා දෙව් දූ… තමුන්ලා ඔක්කොම අසිහියෙන් වැඩ කරලා අන්තිමේ පවුලේ නම්බුවම කාපල්ලා… මගේ තීරණේ තමයි අන්තිම තීරණේ! ආයේ කතා දෙකක් නෑ! මේක ඉවරයි"

‪‧˚₊*̥♡‧˚₊*̥‬‪‧˚₊*̥♡‧˚₊*̥‬‪‧˚₊*̥♡‧˚₊*̥‬‪‧˚₊*̥♡‧˚₊*‧˚₊*̥♡‧˚₊*̥‬‪‧˚₊*̥♡‧˚₊*

Adare da? | ආදරේ ද? (Ongoing)Where stories live. Discover now