39

148 9 0
                                    

"හේමා....!"

එක්වරම මුළු කුටියම දෙදරවන තරමේ හඬකින් ඇසුනේ ඔහුගේ හඬයි. හේමමාලිනිගේ අයිතිකරුගේ හඬයි.

ඔව්,

රක්ෂිත්!

ඔහු පැමිණ තිබුණා.

රක්ෂිත් මනේජ්ට පහරක් ගැසුවේ දත්මිටි කාගෙනයි. ඒ දෙනෙත් රත් පැහැ ගෙන තිබුණේ කවදාවත් නැති තරමිනි. රක්ෂිත් තම කොටු කොටු දම්පැහැති කමිසය ගලවා ඉක්මනින්ම හේමමාලිනිගේ සිරුර ආවරණය වන පරිදි දමා ඇයගේ කොපුලකට අතක් තැබීමටයි සූදානම් වූයේ.  එක්වරම මෙතෙක් වේලාවක් කුටියෙහි නොසිටී මනේජ්ගේ අතවැසියන් කීපදෙනෙක්ම විත් රක්ෂිත් ව අල්ලාගත්තේ ඔහුට සෙලවෙන්නටවත් ඉඩක් නොතබමිනි.

"අතෑරපල්ලා!!!" රක්ෂිත් මහ හඬින් කෑ ගැසුවෙන් මනේජ්ගේ මුවට නැගුණේ සිනාවකි. ඔහු තම අතක් හේමමාලිනිගේ උරහිස් මතින් තබාගත්තේ රක්ෂිත් දෙස බලාන සමච්චල් සිනාවක් පාමිනි.

"මූ ද අර කිව්ව එකා? මේකි ලැගලා ඉන්නේ මුගේ ගෙදරද? හහ්!! එහෙනම් උඹටත් මේකි දීලා ඇතිනේ.. අද බලාගනින් මම මේකිට කරන දේ" මනේජ් තම දණ්ඩක් මෙන් දිග්ව තිබූ රහස් අවයවය හේමමාලිනිගේ මුව දෙසට ගෙන ගියේය. හේමමාලිනි අඬවන් වූ දෙනෙත්වලින් බලා සිටියේ රක්ෂිත් දෙසයි.. සිහින් ව ට ඒ දෙතොල් මැතිරුණේ "රක්ෂිත්" යන අකුරු හතරෙනි.

එක්වරම මනේජ් විසිවී ගොස් බිත්තියේ වැදුනේ රක්ෂිත් එල්ල කළ පා පහරක් නිසාවෙනි. මනේජ්ගේ මැරයන් රක්ෂිත් වෙතට පැන්නත් ඔවුන්ට ඔහුව ඇල්ලීමට නොහැකි විය. ඒ තරමටම රක්ෂිත් කෝපයෙන් ආවේශවයි සිටියේ.

"උඹව ම*රනවා මම! බල්ලා!!! තිරිසන් වැඩ කරන්නෙපා මිනිහෝ..!!!!!!" රක්ෂිත් මහා හඬින් කෑ ගසමින්ම මනේජ් හට පහරපිට පහර ගැසුවේ තම කෝපය සියල්ලම දැඩි පහරවල් වලට මැදි කරමිනි. ඔහු මනේජ්ගේ මුහුණට අත මිට මොලවා පහරවල් ගණනාවක්ම එකවර ගහගෙන ගහගෙන ගියේ හුස්මගන්නට පවා අමතක කරමිනි.

මනේජ්ගේ හෙංචයියන් රක්ෂිත්ගේ උරහිස්වලින් අදිමින් ඔහුගේ සිරුරට පහර දුන්නත් ඔහුට ඒ පහරවල් නම් දැනුනාදත් සැකය. එතරම් උමතුවෙනුයි ඔහු සිටියේ. නැතිනම් සිහින් සිරුරක් සහිත රක්ෂිත් කෙසේද විසල් මස්පිඩු සෑදූ සිරුරකින් හෙබි මනේජ්ව පරාජය කරන්නේ?

Adare da? | ආදරේ ද? (Ongoing)Where stories live. Discover now