22

123 7 2
                                    

දින කිහිපයක්ම ගෙවී ගියේ විශේෂිත යමක් සිදු නොවෙමිනි. දෙව්දාරා සහ දෙව්දාර් අතර කතාබහකින් තොරවම මේ දින කීපය ගත වූ අතර, ඔවුන් කතිකා කරගත් ආකාරයටම නිවසෙහි අනෙක් සාමාජිකයන් ඉදිරියේ ඔවුන් දෙදෙනා සාමාන්‍යය විදිහට හැසිරුණෝය.

එදින උදෑසන දෙව්දාරා ලහි ලහියේ තම සාරියෙහි රැලි තබමින් සූදානම් වූයේ අද දින තමාට අතිශයින්ම රාජකාරී බහුල වූ නිසාවෙනි. ඇය කැඩපත ඉදිරියෙහි කරකැවෙමින් තම පෙනුමෙහි වැරැද්දක් නැති බව තහවුරු කරගත් අතර, දෙව්දාර් ඈ කරා පැමිණියේ කිරි වීදුරුවක් ද රැගෙනයි.

"අම්මා දෙන්න කිව්වා" දෙව්දාර් කන්නාඩි මේසය උඩින් කිරි වීදුරුව තැබුවේ එසේ මුමුණමිනි. සුමාලි ද භාරත නිවසෙහිම නතර ව සිටියේ දෙව්දාරාත් නොමැතිව, ඔවුන්ගේ කුඩා නිවසෙහි ඇයට තනිවීමට දීමට කවුරුන් නැතත් මාධවී අතිශයින්ම විරෝධය දැක් වූ නිසාවෙනි. දෙව්දාර් දෙව්දාරා දෙස නොබලාම තම කිරි වීදුරුව එක හුස්මට පානය කළේය.

"දෙව් අයියේ..." හැරී යාමට ගිය දෙව්දාර් නැවතුනේ ඇයගේ හඩටයි. ඉතිං ඕ මේ තමාව අමතන හේතුව ඔහු හොඳින්ම දත්තේය. ගත වූ දින කීපයෙහි කෙතරම් නිහඬව නොහඳුනන පුද්ගලයන් මෙන් කාලය ගත කළත්, උදෑසනට දෙව්දාර් හට නිරායාසයෙන්ම පැනවුනු රාජකාරියක් විය.

දෙව්දාර් නැවත හැරී නිහඬවම ඇයගේ අතෙහි රැදී තිබුණු කටුව ගෙන, දෙව්දාරාගේ සාරියෙහි ගසන්නට වූ අතර, ඔහුගේ දෙනෙත් ඉබේටම ඒ නිරාවරණය වී තිබුණු පිට වෙතට ගියේය. මොහොතකට හදවත ගැහුනේ, ඒ කහපාට සාරිය ඇයගේ රුවෙහි සියලු අංශුවක්ම අලංකාර කොට පෙන්වන නිසාද, නොඑසේනම් පෙරදිනක ඒ රාත්‍රිය නැවත වතාවක් සිහිවූ නිසාවෙන් ද යන්න ඔහු නොදත්තේය.

කලබලය නිසාම කටුව ඔහුගේ අතෙහිත් ඇනුනු නමුත් දෙව්දාර් ඉඟියකින්වත් එය නොපෙන්නුවේය. නිහඬවම කටුව නිවැරදි පරිදි ගැසූ දෙව්දාර්, නිහඬවම හැරී ඇවිදගෙන ගියේ දොරටුවෙන් පිටතටයි.

"දෙව් අයියේ... මම අද එද්දී..."

දෙව්දාරා තමාට පිටුපා යන ඔහුව අමතා හඬ ගා කියූවත් ඔහු නැවතුනේවත්, ප්‍රතිචාරයක් දැක්වූවත් නැත.

Adare da? | ආදරේ ද? (Ongoing)Where stories live. Discover now