දවස්,සති මාස ගණන් ගොඩක්ම වේගෙන් ගෙවිලා ගියා.. ඒ අතරේ අපේ ඕලෙවල්ස් රිසල්ට්ස් අවුට් වුනා......මට, තනූට වගේම යුකිත් අයියාට 9A's තිබුණා.... සිතුම්ට සයන්ස් වලට විතරක් B පාස් එකක් තිබුනා...අපි හැමොම කොමර්ස් වලින් A/L කරන්න ප්ලෑන් කරලා හිටියේ ඉස්සරහට පවුල් වල බිස්නස් වලට අතගහන්නම වෙන නිසා.........
ටිකින් ටික අප්පච්චිගේ මතක වලින් මිදිලා ඇත්තට මූණ දෙන්න යුකිත් අයියයි පුංචයි තනූයි මට ගොඩක්ම උදව් කරා.....අම්මිත් ටිකින් ටික සාමාන්‍ය වෙන ගමන් වෙනදටත් වඩා බිස්නස් එක්ක බිසී වෙන්න ගත්තා..ඒ ගොඩක්ම එයාට අප්පච්චි නැති පාළු දැනෙන නිසා කියලා අපි හැමොම දන්නවා..අවුරුදු 18ක් තිස්සේ කිසිම රණ්ඩුවක් නොකර ගොඩක්ම ආදරෙන් හිටපු ඒ දෙන්නා,මම දැකපු ලස්සනම,ආදරණීයම ,පර්ෆෙක්ට්ම දෙමව්පියෝ දෙන්නා මගේම අම්මි අප්පච්චි වෙනකොට ඒ හැමදේම මතක අම්මි තනියමම දරා ගත්තේ මෙහෙම කියලා මම හිතා ගත්තා.......
ඔය අතර කාලේ එක දවසක් බීච් වල රැළි ගණන් කරන මට කැමරාවක් ගෙනත් දීලා ඒ පුරුද්ද යුකිත් අයියා නැතිම කරලා දැම්මා...... එදා එයා මට කිව්වා....
"ස්නේහා ලස්සන මතක ගොඩකින් ඔයාවයි ඔයාගේ හිතයි පුරවගන්න....මොන දේ අපිව අත ඇරලා දාලා ගියත් අපේ ඒ ලස්සන මතක අපි එක්ක ඉන්නවා අපිට ඒ මතක එක්ක ඉන්න ඕනි කියලා හිතෙන තරම් කල්ම......."
එදාගෙන් පස්සේ මගේ ලැප් එක ලස්සන මල් වලින්,දම් පාට රතු පාට අහස් වලින්,වලාකුළු වලින්,හදෙන්,තරු වලින්,මීදුමෙන්,වෙරලවල් වලින්පිරෙන්න ගත්තා.............,(යුකිත් අයියගෙත් ගොඩක් පොටෝස් ඒ අතරෙම තිබ්බා කියලා දන්නේ මායි තනූ යි විතරයි හැබැයි...)
අප්පච්චිගේ වහල දාලා තිබුන ආර්ට් රූම් එක ටික දවසකින් ආයෙම ඕපන් කරන්න ඕනි කියන අදහස දුන්නෙත් යුකිත් අයියා.... අවුරුදු 5ක් තිස්සේ එයා අප්පච්චිගෙන් ඉගෙන ගත්තු ගොඩක් දේවල් මටත් කියලා දුන්නා......නිදහස් වෙලාවක් ලැබෙන හැම වෙලාවකම මම ආර්ට් එකක් කරලා හිත නිදහස් කරගන්න පුරුදු වුනා.....
ඔය අතරේ සිතුම්ගේ ට්‍රැවල් පිස්සුව වැඩිවෙලා ඒක හොද කරන්න අපිවත් ඇදගෙන ගාල්ලෙන් පටන් ගත්තු වන් ඩේ ට්‍ර්ප් එක අපි අන්තිමට වීක් එකකින්ම ඉවර කරේ කොහෙන්වත් සම්බන්ධයක් නැති හපුතලෙන් නතර වෙලා.......
තනූත් නිතරම වගේ මගේ ලගින්ම හිටියා.. ඒ හැමදේම එක්ක සම්පූර්ණයින්ම නැතත් සාමාන්‍ය තරමකින් හරි ආපහු මම පරන ස්නේහා වෙන්න තීරණය කරා.........
පුංචා පුලුවන් තරම් අම්මිගෙයි මගෙයි හිත හැදුවා...
පිරිමියෙක් නැති අපේ ගෙදරට යුකිත් අයියා අඩු වැඩි වශෙයෙන් ඒ චරිතේ එයාට පුලුවන් තරමින් පිරෙව්වා........ ඒක මටත් අම්මිටත් ලොකු හයියක් වුනා.....
කාලෙත් එක්ක අපි හැම වේදනාවක්ම දරා ගන්නවා කියල මම තේරුම් ගත්තා...............
..................................................................................
*තනූ,ස්නේහා යන්නේ ඒ පැත්තේ තියෙන හොදම ගර්ල්ස් ස්කූල් එකකට......
*යුකිත්,සිතුම් යන්නෙත් ඒ පැත්තේ තියෙන හොදටම ෆේමස්, ප්‍රයිවට් බෝයිස් ස්කූල් එකකට.........
YOU ARE READING
හිස් හාදු.
Non-Fiction"ඔයා ආදරේ කරන හැමදේම අතෑරලා ඈතට යන්න... ඒ ඈතත් නැතිකරලා දාලා ඔයාව හොයාගෙන එන කෙනාට ඔයා ආදරේ කරන්න.... " -යුකිත්- "මට ඉන්න එකම කෙනා,මට හුස්ම ගන්න හේතුවක් දුන්න එකම කෙනාවත් මට නැති කරන්න එපා...