ස්නේහා.
මම ගොඩක්ම ආස,ඉස්සර අප්පච්චි එක්ක නිතරම ආව ගිය බීච් රෙස්ටුරන්ට් එකක් තමයි අද මම තේරුවේ... මම ටිකක් කලින්ම ඇවිත් මුහුද පැත්තට ගියේ රැළි පාගන්න හිතාගෙන...
ටික වෙලාවකින් ඈත වෙරලේ ආයූත් වාඩිවෙලා ඉන්නවා මම දැක්කා... එයා ගාවට මම එනකල්ම එයා මාව දැක්කේ නෑ.. ඒ තරම් ලොකු කල්පනාවක වැටිලා ඈත ක්ෂිතිජය දිහාම එයා බලන් ඉන්නවා....
ආයු...ඔයත් කලින්ම ආවද???
"ආහ්.... ඔව් .. ස්නේහා... මම මුහුදට ගොඩක්ම ආසයි.. ඒ නිසා මට ටිකක් කලින් එන්න හිතුනා.."
මමත්.. ආසම තැනක්...
"හරිම සැනසීමයි..." අපි දෙන්නටම එකටම කියවුණා...
"ම්ම්ම්ම්ම්ම්ම්"
ටික වෙලාවක් යනකල් අපි දෙන්නම මුහුද දිහාම බලන් හිටියා....
ඒ එක්කම තනූලා ආව කියලා කෝල් කරාම අපි දෙන්නම එතනින් යන්න නැගිට්ටා....
ඈතින් තැඹිලි පාටට බැහගෙන යන ඉර එකම වෙලාවේ අපි දෙන්නගෙ කැමරා කාච වලට අහුවෙනකොට....
අපි දෙන්නම ආස කරන දේවල් එක වගේමයි නේද ආයූ?? කියලා මට කියවුණා...
ගොඩක්ම අහිංසක හිනාවක් දීපු ආයූ.. අපි ලගට දුවගෙන එන සිතුම්ට එකතු වුනා...
"දෙන්නා අපිටත් කලින් ඇවිත්.. වෙනම b'dy එකක් plan කරාවත්ද??? " තනූ මගෙ අතේ එල්ලීගෙනම ඇහුවා...
අපි හතරදෙනා restaurant එකට ගිහිම් ලස්සනම view එකක් තිබ්බ table එකට ගියා...
"ළමයි.. මට ඔයාලගෙන් ලොකු උදව්වක් ඕන.. මම දන්නවා ඔයාලා ඔක්කොම help කරනවා කියලා මට...අද ඒ නිසා ඔයාලා කැමති ඕන දෙයක් order කරන්න.. අද මම pay කරන්නම්......."
අපි හැමෝටම අද seafood කන්න ආස හිතුන නිසා ඒ කෑම වර්ග order කරා....
"සිතු,ආයූ...... මේක තනූ නම් දන්න දෙයක්....
මම අද ඔයාලට කතා කරේ යුකීගේ b'dy එක plan කරන්න විතරක්ම නෙමේ මම මගේ crush එකට propose කරන්න යන්නේ.. මට ඒකට ඔයාලගේ help එක ඕන..."
YOU ARE READING
හිස් හාදු.
Non-Fiction"ඔයා ආදරේ කරන හැමදේම අතෑරලා ඈතට යන්න... ඒ ඈතත් නැතිකරලා දාලා ඔයාව හොයාගෙන එන කෙනාට ඔයා ආදරේ කරන්න.... " -යුකිත්- "මට ඉන්න එකම කෙනා,මට හුස්ම ගන්න හේතුවක් දුන්න එකම කෙනාවත් මට නැති කරන්න එපා...