20.ස්නේහා

23 3 2
                                    

"නේහා මෙහේ එනවකෝ......... බලන්නකෝ මම හොයා ගත්තු දේ... අම්මෝ මට බෑ මේක බලන්න... අම්මෝ මෙන්න අපේ හිච්චි ජුලියට්...... අඩෝ බන් උබ පහ වසරේ ඉදන්ම යුකී අයියට ලව්ද බන් කෙල්ලේ..........."

තනූලගේ අද ගෙදර කවුරුත් නැහැ.. එයාලා අනුරාධපුරේ ගිහිම්.. ඒ නිසා තනූ අද රෑට අපේ ගෙදර. මගේ කරුමේ අයියෝ ඒ පිස්සී මගේ ඩයරි සෙට් එකම හොයාගෙන...

"නේහා මේක බලන්න....මේ අවුරුද්ද කියන්නේ අපි 05 වසරෙ දී වෙන්න ඕන..."

Jan.08-
'අපේ අම්මිලාගේ යාළුවෝ වගයක් නිතරම මෙහේ එනවා.. ඒ ආන්ටී,අන්කල් නම් ගොඩක්ම හොදයි.මටත් ගොඩක්ම ආදරෙයි...

හැමවෙලාවෙම මට ලස්සන සෙල්ලම් බඩු ගේනවා....ඒත් එයාලගේ පුතා හරිම දගයි. එයා එනවට මම ආසම නෑ.මුළු ගෙදරම අනිත් පැත්ත ගහනවා....'

Mar.23-
'අර දග ලමයගේ නම යුකිත්.ඒ කොල්ලට මම ආසම නෑ.. එයා මගේ ආසම බෝනික්කව අපේ pond එකට දැම්මා.. මාලුවොන්ට බඩගිනි ඇති කියල.......'

Apr.16-
'අවුරුද්දට අම්මි හදපු ඔක්කොම කේක් ටික අර ජරා යුකී කියන යක්ෂ ලමයා කාලා..මටවත් පොඩ්ඩක්වත් නෑ.....'

May.09-
'හැම මාසෙම මෙයාලා අපේ ගෙදර එන්නේ ඇයි අප්පා..යුකී කියන පිස්සු ලමයා අදත් ආවා.. අපේ බව්වව තාත්තිගේ පෙන්ට් අරන් පේන්ට් කරලා.. එයා දැන් ගොඩක් පාර mix වුන වමනේ කරපු දේදුන්නක් වගේ......'

Jun.23-
'අනේ මට බෑ.... අම්මී මාව අර නරක ලමයා යන ක්ලාස් එකටම දැම්මානේ..... එයාටම හරියන දග තව කොල්ලෙක් එනවා සිතුම් කියලා....

තව ටිකක් ලොකු වෙලා මමයි මගේ හොදම යාලුවා තනුරියි එයාලට හොද පාඩමක් උගන්නන්න කතා වුණා............'

තනූ මේ මුළු ඩයරි ඔක්කොගෙම යුකී ගැන ලියපු ටික විතරක් තෝර තෝර කියවනවා.. එයාටත් අනිත් ඒවා පේන් නෑ යුකීවයි මාවයි විතරයි පේන්නේ.....

"නේහා.. අම්මෝ මට ලාවට මතකයි .ඔය කාලෙ නේද අපි bubblegum වගයක් කාලා ශේප් එකේ ඒ දෙන්නගේ caps වල ඇලෙව්වේ.එයාලා caps දාගන්නකම් ඉඳලා අපි එයාලගේ ඔලුම ඒම් කරලා බැග් එකක් අතඇරියා.. අම්මෝ දෙන්නම ඊලග දවසෙ තට්ටේ ගාලා ආවා නේද???එයාලා තාම දන් නෑ ඒ වැඩේ කරේ අපි කියාලා.......හිකිස්......"

හිස් හාදු.Where stories live. Discover now