14.යුකිත්

44 4 2
                                    

ආයුට අත පුරෝලා ගැහුවට මොකද මගෙ හිතට හරි නෑ වගේ..මගේ අතත් තාමත් රිදෙනවා කියන්නේ.හොද පාරක් වැදෙන්න ඇති.. අපරාදේ මට ටිකක් ඉවසන්න තිබුණා... ඕවත් හිත හිත මම අම්මි ආවද බලන්න ගේට් එක ගාවට ගියා......

"චූටි පුතේ...." ගේට් එක ගාව ඉදන්ම අම්මී කෑ ගහනවා..අයියෝ... අම්මේ මගේ අම්මිගේ ලස්සන..සුදු පාට ලස්සන සාරිය,ලාවට කලර් කරපු ක්‍රේල් ඉණ ගාවට දිග කොන්ඩේ,ඒ අහිංසක හිනාව...

ඕවට තමයි අපේ නෙරංජ කොල්ලත් අහුවෙන්න ඇත්තේ.... හී හී නෙරංජ කියන්නේ මගේ තාත්තී. එයා නම් මේ ටිකේ බිස්නස් ට්‍රිප් එකකට New zealand ඉන්නේ... ඒ නිසා අද අම්මිට විතරයි එන්න වෙන්නේ...

කාටද ඉතිම් ආඩම්බර රැජිනක් වගේ අම්මි කෙනෙක් ඉන්නකොට....හැමොම අහන්නේ යුකී මේ ඔයාගෙ අක්කිද කියලා???? ඒ තරම් මගේ අම්මි ලස්සනයි......

"ඇයි චූටී මේ මුනත් එල්ලන් ? ඇදුමුත් පොඩි කරගෙන? උදේම වලියක්වත් දා ගත්තද???"
හැරෙන තැපැලෙන් අම්මිට තේරිලා....

මගේ ඕනම පොඩි වෙනසක් පවා අම්මිට කොහොම තේරෙනවද කියලා මම දන් නෑ.. ඒත් මගේ හිතේ තියෙන හැමදේම එයා ඉක්මනටම තේරුම් ගන්නවා....

"අම්මි ඔයා මාරම ලේට්.. දැන් අරහේ පටන් අරගෙනත් ඇති.. අපි ඉක්මනටම යමුකෝ...." මාත් හුරතල් වෙන්න ගත්තේ පහ වසරේ එකෙක් වගේ......

අපි දෙන්නා ක්ලාස් එක ගාවට යනකොට ඇතුලට නොයා ආයූ දොර ගාව හිටගෙන ඉන්නවා.. එයාගේ මහලොකු සල්ලිකාර දෙමාපියෝ පරක්කුයි වගේ....

" Hii ආයු පුතා... Am i correct ????  අපේ චූටී ගෙදරදි නිතරම ඔයා ගැන කියවනවා. ඔයාගේ වීඩියෝස් පෙන්නලාම මටත් දැන් ට්‍රැවල් උණ වගේ පුතේ...ඇයි ඇතුලට යන් නැත්තේ.පුතාගේ අම්මලා තාම එනගමන්ද?? ආහ්නේ..ඇයි පුතේ ඔය මූණ ඉදිමිලා ??"

අයියෝ මගේ සායම යනවෝ.. මගේ අම්මිගේ කට වහන්න කවුරුත් නැද්දෝ..............???? අම්මට චූටි පුතාගේ අතපය හැසිරීමේ හැකියාව ගැනත් දැනගන්න ලැබෙයි වගේ...

"නැහැ ආන්ටී..අද කවුරුත් එන එකක් නැහැ වගේ.එයාලා ලංකාවෙ නෑ මේ ටිකේ. ආහ් මේක නම් අද උදේ බෝලයක් වැදුනා ග්‍රවුන්ඩ් එකේදී"  මගේ දිහාත් බල බල ආයු  කිව්වා..

හිස් හාදු.Where stories live. Discover now