රගර් ප්රැක්ටිස් ඉවර කරලා ගෙදර යද්දි ගොඩක්ම හවස් වුණා... වොශ් එකක් දාලා අම්මිට ඩිනර් හදන්න පොඩි හෙල්ප් එකක් දුන්නා,අද අම්මිගේ බෙස්ටී එනවා කියලා අම්මි දාගෙන කෑම වර්ග හැටක් විතර හදනවා..
ඊට පස්සේ වෙනදා වගේම තාත්තිටත් කතා කරලා ෆෝන් එකත් අරන් ඇදට පැන්නේ පොඩ්ඩක් ඔන්ලයින් චැටක් දාන්න හිතාගෙන...whatsapp එක පැත්තේ යනකොට මාරම වෙනසක් මට දැනුනා.....වෙනදට ගාසා තීරේ වගේ තියෙන මගේ චැට් ලිස්ට් එක අද පන්සලක් තරම් සන්සුන් වෙලා මොකද...???වෙන එකක් තියා වෙනදට මැසේජස් 500ක් විතර තියන අපි පස්දෙනාගේ ගෲප් එකෙ එකම එක මැසේජ් එකක්වත් නැත්තේ මොකද????
මොකක්ම හරි වෙලා තියෙනවා
යුකියෝ... ඔක්කොම සාක්ෂි එකතු කරලා විශ්ලේෂණයක් කරන්නම වෙනවා... උන් උබව හලලා ට්රිපක්වත් ගියා වෙන්න බැරිද...?නෑ..නෑ.... මේ යුකී නැතුව මොන trip ද???
අඩෝ සිරාවටම උන් මාව හලලා කොහෙවත් ගියාද???
හිත අස්සේ පිස්සා වැලලෙන්න තියා ගත්තේ නැතෑ....
ආයූට කෝල් එකක් ගත්තම ඒ ෆෝන් එක ඕෆ්..
සිතුවට ගත්තට ඒ බූරුස් ආන්සර් කරෙත් නෑ...
ඊලග option එක ස්නේහා...එයාට ගත්තම එයයි තනූයි නම් යාළුවෙක්ගේ පාර්ටි එකකට යන ගමන් කියලා පටල පටල කිව්වා...ස්නේහා නම් බොරුවක් වත් කියා ගන්න දන් නෑ හරියට... ඒත් මාත් හාරලා අවුස්සන්න ගියේ නෑ... Girl's things ද දන් නෑනේ.....
අයියෝ සාන්ත මට මහන්සියටම එහෙම්ම නින්ද ගිහිම් කියන්නකෝ... අම්මි කෑමට කතා කරනකොට තමයි මේ සෝස මල ආයෙම ඇහැරුණේ......
අම්මෝ......නමයටත් ලගයි....
ආයුයි,සිතුයි තාම ඔන්ලයින් ඇවිත් නෑනේ..
සිතූට කෝකටත් කියලා මම වීඩියෝ කෝල් එකක් ගත්තේ ඌ answer කරන එක්ක නෑ කියලම හිතාගෙන......රින්ග්ස් දෙක තුනක් යනකොටම....................
කොල් එක answer කරා...සිතූට බනින්න කට හදා ගන්නකොටම...
ගොඩක්ම cute මූණක් හදාගෙන ආයූ සිතූගේ මුලු ෆෝන් එකටම එබිලා හිටියේ මූණත් රතු කරගෙන ගොඩක්ම හිනා වෙන ගමන්.........
YOU ARE READING
හිස් හාදු.
Non-Fiction"ඔයා ආදරේ කරන හැමදේම අතෑරලා ඈතට යන්න... ඒ ඈතත් නැතිකරලා දාලා ඔයාව හොයාගෙන එන කෙනාට ඔයා ආදරේ කරන්න.... " -යුකිත්- "මට ඉන්න එකම කෙනා,මට හුස්ම ගන්න හේතුවක් දුන්න එකම කෙනාවත් මට නැති කරන්න එපා...