ඔව්.මේ ඔයාලා දන්න ආයුගේ එකම අයියා මිහී...එයා අවසන් වතාවට ආයුට ලියපු ලෙටර් එක තමයි මේ පහළින් තියෙන්නේ (මිහී නැතිවෙන්න මාස ගානකට කලින්ම ප්ලෑන් කරලා එයා මේ ලියුම ලියලා තිබ්බා)📝
..................................................................................මගේම ආයු මල්ලියෝ,
මට ගොඩක්ම සමාවෙන්න මගෙ ආයු....මම ඔයාව තනිකරලා දාලා කවදාවත් ඔයාව හොයාගන්න බැරි තැනකට ගියාට.....
ඔයාට මේ ලියුම හම්බවෙනකොට ඔයාගෙන් ගොඩක් ඈතට මම ගිහින් ඉදියි...මම තාමත් විශ් කරනවා මට මේ ලියුම පුච්චලා දාලා ඔයා එක්ක ජීවත් වෙන්න පුලුවන් වෙන්න කියලා....ඒත් අවාසනාවන්ත විදියට දැන් ඔයා මේක කියවනවා නම් මට සමාව දෙන්න ඕන.හරිද මගේ ආයූ????
ඔයා දන්නවද??? ඔයා වෙනුවෙන්ම ජීවත් වුන අවුරුදු 10 ගොඩක්ම ලස්සනයි මට... මම ජීවත් වුනේ ඔයා වෙනුවෙන්ම කිව්වොත් ඔයා විශ්වාස කරනවද මගේ පැටියෝ.......???
අම්මා අපිව දාලා ගියාම, අප්පච්චිත් වෙන සම්බන්ධතා එක්ක අපිව ටිකෙන් ටික මග අරින්න ගත්තම ඔයාගේ අම්මා,අප්පච්චි වගේම ඔයාගේ අයියගේ චරිත තුනම මට කරන්න වුනා ආයු........ඔව් ඒ හැමදේම මගේ වයසට කරන්න මට ගොඩක්ම අමාරු වුණා ආයූ...
ඒත් ඔයාගේ අහිංසකකම්, ආදරේ, හුරතල් කම එක්ක ඒ දේවල් මට ලේසි වුනා මගේ මල්ලී..... වෙලාවකට මට ඔයාව මගේම පුතෙක් වගේ.. ඔයාව ආරක්ෂා කරන්න,ඔයාගේ දියුණුව බලන්න මම ගොඩක්ම ආසාවෙන් හිටියා මගේ දරුවෝ.....
මට සමාව දෙන්න මගේ මල්ලී.......
මේ හැමදේම පටන් ගත්තේ ආදරයක් නිසා කිව්වොත්...ඒකත් සම්මත නැති ආදරයක් කිව්වොත්....ඔයා මට වෛර කරයිද???
මටත් නොදැනීම මම මගේ කැම්පස් එකේ කොල්ලෙක් එක්කම ආදරෙන් බැදුනා කිව්වොත්.....මට ඒක වැරැද්දක් කියලා දැනුනේ නෑ ආයූ...මට තිබුන ටෙන්ෂන් එක,සමහර ප්‍රශ්න,පාළුව නිසා මටත් ඒ ආදරේ තදින්ම ඕන වුනා ඒ කෙනා පිරිමියෙක් කියලා නොහිතෙන තරමටම...මගේ ජීවිතේ මම වැඩිපුරම සතුටින්ම හිටපු කාලේත් ඒ අතරේ තිබුණා..මට නොලැබුන අම්මගේ අප්පච්චිගේ ආදරේ මට ඒ මනුස්සයගෙන් ලැබුනා....ඔව් අසම්මතයක් වුනත් මම ඒ මනුස්සයා එක්ක සතුටින් හිටියා......... ඔය අතරේ අප්පච්චිගේ කනට මේ දේවල් ගියේ කොහොමද කියලා මට හිතාගන්න බැරිවුණා... නිතර නිතර මේ දේ නවත්තන්න කියලා අප්පච්චි හොදින් වගේම නරකින් අපි දෙන්නටම බලපෑම් කරන කාලේ මම මෙන්ටලි ටිකක් වැටුනා.....තෙනුකට කිසි දෙයක් කරන්න එපා කියලා අප්පච්චි ගාව අඬලා දෙකක් කරා මම ආයූ...
YOU ARE READING
හිස් හාදු.
Não Ficção"ඔයා ආදරේ කරන හැමදේම අතෑරලා ඈතට යන්න... ඒ ඈතත් නැතිකරලා දාලා ඔයාව හොයාගෙන එන කෙනාට ඔයා ආදරේ කරන්න.... " -යුකිත්- "මට ඉන්න එකම කෙනා,මට හුස්ම ගන්න හේතුවක් දුන්න එකම කෙනාවත් මට නැති කරන්න එපා...