10.ආයු.

49 5 2
                                    

හිතුවටත් වඩා හොදට ස්කූල් එකේ පළවෙනි දවස ඉන්ටර්වල් එක වෙනකල් ගෙවුනා... පළවෙනි පීරියඩ්ස් හතරම එක දිගටම ඉගැන්නුවා.... ඉන්ටර්වල් එකේදී ක්ලාස් එකේ ගොඩක් කොල්ලෝ ලගටම ඇවිත්

" උබේ වීඩියෝස් බලල තියෙනවා,අපි ආසම යූ ටියුබර් කෙනෙක්, දවසක උබ එක්ක ට්‍රැවල් කරන්න ආසයි,දවසක අපිවත් එකතු කරගනින් "

වගේ ගොඩක් දේවල් කිව්වා........

හිතා ගන්න බැරි දේකට තිබුණේ සිතුම්ට එහා පැත්තෙ ඉදගෙන හැමවෙලාවකම මට ඔරවපු අළු ඇස් විතරයි......

ඉන්ටර්වල් එකෙන් පස්සේ ටීචර්ස්ලාට මීටින් එකක් කියලා Announcement එකක් ලැබුණත් එක්කම 13-A එකේ අයියා කෙනෙක් ක්ලාස් එකට ඇවිත් කිව්වේ අපි හැමෝටම එයාලගේ ක්ලාස් එකට එන්න කියලා..(කිව්වා නෙමේ අණ කරා... )

අපි ඒ ක්ලාස් එකට යනකොට තමයි දැක්කේ 13-B එකටත් 12-B සෙට් එක යන ගමන් කියල......පළවෙනි දවසෙම අයියලා අපිට කුප්පියක් දාලා දෙන්න යනව වගේ....ඒ තරම් ආදරයක් මල්ලිලාට........

අයියලා ටික ඩෙස්ක් පේලියක් දාගෙන ඒවා උඩ වාඩිවෙලා අපිට පුටු ටික දුන්නේ නම් හොදකට නෙමේ වගේ..........

"අඩෝ මල්ලිලා උබලව කොමස් සෙක්ෂන් එකට තවපාරක් වෙල්කම් කරනවා..උබලා මාව දන්නවා නේද ?? මම තමයි සාකීත් ඉදුවර..
අපි එදා නම් ගම් වලින් දැනගත්තට ,උබලගේ හැකියාවන් මොනාද කියලා දැනගන්න බැරි වුණානේ...

අද අපි අපේ මල්ලිලා ටිකගේ හැකියාවල් බලමු නේද....????"

කියලා ක්ලාස් එකේ කාඩ පෙනුමට හිටපු අයියා කෙනෙක් අනිත් අයියලත් එක්කම කින්ඩියට හිනා වෙන ගමන් කියාගෙන ගියා.....

"අඩෝ ආයූවෝ මෙන්න මුන් අපිව  රැග් කරන්න  වගේ යන්නේ.."

සිතුමා මගේ කනට කරලා රහසින් වගේ කිව්වත් එක්කම යුකීට මෙහෙම කිව්වා.....

"මුන්ට බෑ නම් කියන්න එපා පුතෝ...
අපි සෙක්ෂන් එකෙත් වසලා හමාරයි.ආව ගමනුත් උබ මුන් එක්ක වලියටමනේ ගියේ...'

"උබේ වැඩිපුර තියෙන නහර ටික හන්ගන් හිටපන් සුදු පුතේ මේ මගුල ඉවර වෙනකල්... මේ අවුරුද්ද සාමෙන් ඉන්න ඕනි සගෝ......"

හිස් හාදු.Where stories live. Discover now