යුකී අයියාගේ ඒ උත්තරේ මාව රිද්දුවේ නෑ කිව්වොත් ඒක බොරුවක්... මාව ගොඩක්ම රිදුණා......
ඒත් ආයූ ගැන ඉරිසියාවක්, තරහක් ඒ මොකුත්ම මගේ හිතේ නෑ.... මට තියෙන්නේ ලොකු හිස් හැගීමක් විතරයි....
මගේ හැමදේම එක පාරම නැති වුණා කියලා දැනෙන හිස් හැගීමක් විතරයි....
මේ දුක නැතිවෙලාම යන්න කෑ ගහලා අඩන්න හිතෙනවා... කදුළු වලින් හරි දුක අඩු වෙයි.....ඒත් ඒ මේ දැන් නම් ඒකට වෙලාව නෙමේ....
ඔයා ආදරේ කරන එකම කෙල්ල මම අයියේ..
මට ඒ හොදටම ඇති.............."ම්ම්... මට සමාවෙන්න නේහා... ඔයාට ඔය ලස්සන ආදරේට කවදම හරි හොද සාධාරණයක් වෙයි....
ඔය ආදරේ ලස්සනටම පිලි අරගෙන,ඔයාව ආදරෙන් බලා ගන්න කෙනෙක් ඔයාට ලැබෙයි ස්නේහා.......එදාට මේ ලස්සන මුදු ඔයාලා මාරු කරගන්න.."
යුකී අයියා මම එයාට දීපු rings ආපහු මටම දෙන ගමන් කිව්වා.....
"ඔයයි ආයුත් ගොඩක්ම සතුටින් ඉන්නවා බලන්න මම ආසයි අයියේ...මම ටිකක් ආයූට කතා කරා නම් හොදයි අයියේ... ඔයා සිතුයි ආයුයි එක්ක තරහ වෙන්න එපා.......මම නිසානේ මෙහෙම වුණේ....... "
යුකී අයියට එහෙම කියපු මම එයා ගාවින් නැගිටලා ආයූ ගාවට යන්න ගියා.....
"ශිට්.ඔයා හොදටම අඩලා නේද මේ....
බලන්න නේහා....... සිතූ මට දැන් තමා විස්තරේ කිව්වේ... මට මාරම කේන්තියි අනේ මේ දෙන්නා එක්කම.... ඕක කලින් කිව්ව නම් අපි මෙහෙම දෙයක් ප්ලෑන් කරන් නෑ..........මට නම් ඔයා මගේ bf කියලත් සැකයි සිතුම්.. මෙච්චර ආසවෙන් අපි... මේක කරද්දි ඔයාට අපිට තව බලාපොරොත්තු නොදී කියන්න තිබ්බා...අඩුම තරමේ මට විතරක් හරි කියන්න තිබ්බා නේද?? ඔයා ඔය රිද්දුවේ මගේ හොදම යාළුවව සිතූ.....ඔයා එයාව රිද්දුවත් එකයි..මාව රිද්දුවත් එකයි...මම මේක නම් ලේසියෙන් අමතක කරන් නෑ............"
තනූට හොදටම කේන්ති ගිහිම් සිතූට බනිනවා....
"නැහැ...තනූ අපි ඕක අමතක කරමු දැන්.. මම ආස නෑ මම නිසා ඔයාලා රණ්ඩු කරනවට......"
"අමතක කරන්න........ කොහොම අමතක කරන්න ද??? එකටම ඉදලා මෙහෙම දේවල් කරනකොට........?? මට හරිම දුකයි නේහා... ඔයාගේ අවුරුදු ..........ගාණක............"
YOU ARE READING
හිස් හාදු.
Документальная проза"ඔයා ආදරේ කරන හැමදේම අතෑරලා ඈතට යන්න... ඒ ඈතත් නැතිකරලා දාලා ඔයාව හොයාගෙන එන කෙනාට ඔයා ආදරේ කරන්න.... " -යුකිත්- "මට ඉන්න එකම කෙනා,මට හුස්ම ගන්න හේතුවක් දුන්න එකම කෙනාවත් මට නැති කරන්න එපා...