ස්නේහා සාමන්‍ය තත්වෙට ආව එක මට ලොකු දෙයක් වුනා....... මමත් හොදටම ඒ ගෙදර වැඩ එක්ක බිසී වුනා...ඒ අස්සේ ගාල්ලෙන් ගිහින් හපුතලෙන් මතු වුන ට්‍රිප් එකයි.... ෆැමිලි ට්‍රිප් එකයි නිසා කාලේ යනවා දැනුනෙම නෑ...
දැන් මගේ ගැන හිතන්න කාලේ මේ.........රගර් ප්‍රැක්ටිස් ගොඩක්ම මට මග ඇරිලා තිබුණා.. කොහොමත් ඊලග අවුරුද්දෙ රාජකීයන් (උන් කොහොමත් හැසිරෙන්නෙත් රජවරු කියලා හිතන්...)එක්ක එන බැට්ල් එක දිනලා.. අපේ ස්කූල් බෝයිස්ලාගේ ගැම්ම වැඩි කරන්නම ඕනි...
එහෙන් මෙහෙන් හැම තැනින්ම මට ලාවට ආරංචි වුනා Hp පට්ටම මට දෙන්න පැලෑනක් ස්කූල් එකේ තියෙනවා කියල.....
ඒව ලැබුණත් නැතත් කොල්ලා ඉතිම් නැගී එන තරුවක් වගේ මේ මුළු ඒරියා එකේම ස්කූල් වල ප්‍රසිද්ධ වෙලා නම් ඉවරයි....
මම වගේ දක්ෂ ළමයෙක් කියන්නේ ඉතිම් මල්ටිටැලන්ටඩ් පැක් එකක් වගේ තමයි... ක්‍රීඩකයෙක්,නිරූපණශිල්පියෙක්,කලාකරුවෙක් විටක දක්ෂ ගායකයෙක් වුන අවස්ථාද නැතුවම නෙමෙයි...(පන්තියේ හැම සිගින් අයිටම් එකකටම ලමයි ඔක්කොම සහභාගි කරද්දි හැම සර් කෙනෙක්ම මිස් කෙනෙක්ම මට මයික් එක නම් ගන්න එපා කියලා තියනවා තමයි/ පුලුවන් නම් එදාට නිවාඩු ගනින් ප්ලීස් බන් කියලා යාලුවොත් කියලා තිබ්බ මතකයි .....
මෙච්චර දක්ෂයෙක් පිටිපස්සේ ඒ වගේ අඩුපාඩුත් තිබිය යුතුයි... ඉතිම්ම්ම් ඒ කියලා සිංදු අහන් නැතුව ඉන්නද?? කියන් නැතුව ඉන්නද?????)
මේ පලාතෙම ඉන්න රගර් වැඩ්ඩා,දැනටම ෆේමස් ස්පෝර්ට්ස් අයිටම් බ්‍රෑන්ඩ් කිහිපයකම මොඩ්ලින් කරලා තියෙනවා..සෝශල් මීඩීයා හැම එකකම වගේම +50k ෆලෝවර්ස්ලා....
හැමදවසකම වගේ ගර්ල්ස් ස්කූල් වල අක්කලා,නංගිලාගෙන් විතරක් නෙමේ සමහර මිස්ලගෙනුත් ලැබෙන Sms...නිර්ණාමික ලිපි...ගිෆ්ට්ස් ආඩම්බරයක් තමයි කොල්ලා .....
ඔක්කොටමත් වඩා අළු පාට ඇස් කිව්වම ඕනිම ගර්ල් කෙනෙක්ගේ විතරක් නෙමෙයි බෝයි කෙනෙක්ගේ වුනත් හිතේ මැවෙන සිහින කුමාරයා මම වෙන් ඇති නේද????කාටද ඉතිම් ආඩම්බර මෙච්චර ලස්සන කුමාරයෙක් ගැන...උඹ නම් ගැම්මක් තමයි යුකියෝ....
..................................................................................
අපේ මේ යුකිත් මල්ලි එයා ගැන ඕනිවට වඩා හිතනවා වෙන්න බැරිද???????
(අධි තක්සේරුවා)🐺😉
YOU ARE READING
හිස් හාදු.
Sachbücher"ඔයා ආදරේ කරන හැමදේම අතෑරලා ඈතට යන්න... ඒ ඈතත් නැතිකරලා දාලා ඔයාව හොයාගෙන එන කෙනාට ඔයා ආදරේ කරන්න.... " -යුකිත්- "මට ඉන්න එකම කෙනා,මට හුස්ම ගන්න හේතුවක් දුන්න එකම කෙනාවත් මට නැති කරන්න එපා...