ඔලුව පුපුරන්න තරම් රිදෙනවා... ඊයේ ගෙදර ආව විදියවත් හරියට මතක නෑ..
මට එහා පැත්තේ සිතුමා හොදටම නිදාගෙන ඉන්නවා නම් මට පේනවා....
එක පාරම ඔරලෝසු දිහා බලපු මම ඇදෙන් බිමට බැස්සා නෙමේ පැන්නා..දෙයියනේ 09 ත් වෙලා.... අපි ස්නේහලාට හතර වෙද්දි ප්ලේස් එකට එන්න ඊයේ පොරොන්දු වුනානේ...එතන decoration වැඩ ටික බලන්න ඕන...ඊයේ ඕර්ඩර් කරපු කේක් එක හරිද බලන්න යන්නත් ඕන... යුකීගේ ගිෆ්ට් එක ගන්නත් යන්න ඕන....වැඩ ගොඩයි දෙයියනේ.........
ඉක්මනට ෆෝන් එක චාර්ජ් එකට දාලා ඔන් කරේ යූට විශ් කරන්න කෝල් එකක් ගන්න හිතාගෙන....එයා බිසී වගේ calls answer කරන් නැතිම තැන මම දිගම දිග මැසේජ් එකක් එක්ක වොයිස් එකක් තිබ්බා.....විශ් කරලා......
"සිතූ... ඒ ඇහැරියන් බන් 09 ත් වෙලා.....උබ යුකීට විශ් කරාද.......????"
හතර පස් පාරක්ම කතා කරලා මාර අමාරුවෙන් සිතුමව ඇහැරව ගත්තා...
"අඩෝ ආයූ මම ඇයි මෙහේ... අඩෝ ඊයේ මොකද බන් වුනේ... මුකුත් මතක නෑ අඩෝව්.....
ශිට්...යුකීට විශ් කරේත් නෑ බන් මාත්..
හිටපන් ...." කියලා පට්ට කුනුහරුප ගොඩක් එක්ක විශ් කරලා වොයිස් එකක දැම්මට පස්සේ සිතූ යකෙක් දැක්ක වගේ මූණක් හදාගත්තා............ඇයි සිතූ.......??
"අඩේ අද මම ඉවරයි තනූගෙන් මිස් වුන කෝල්ස් 72ක් තියෙනවා ඕයි...මාව මරයි ඒ යක්ෂනී..."
"අපේ අම්මගෙත් කෝල්ස් 4ක් තියෙනවා ඕයි... කවදාවත් කෝල් නොකරන තාත්තත් කෝල් එකක් අරන් ඕයි... මම ඊයේ පොඩ්ඩක් town ගිහිම් එන්නම් කියලනේ බන් ගෙදරින් එලියට ආවෙ......... මම අද ඉවරයි පුතෝ....."
සිතූ බයෙන් බයෙන් මුල්ම කෝල් එක අම්මට ගත්තා.....වාසනාවට වගේ යුකී එහේ බැලන්ස් කරලා තිබ්බා...
"අඩෝ යුකීට අම්මා කෝල් කරලා මම answer නොකරන පාර... එතකොට අපි dinner out ගිහිම් ආයුගේ තැන නතර වෙනවා කියලා... යුකී අපේ අම්මට කියලානේ.. ඒ නිසා ගෙදර නම් ශේප්.... ඒත් යුකී ඇයි එහෙම එකක් කිව්වේ???? මම හිතන්නේ අපේ අම්මගේ කටට බයටම ඌ බොරුවක් කියලද කොහේ....මොකක් කියලා හරි ගෙදර ශේප් කරාට අද උට මම දණගහලා වදිනවා......."
YOU ARE READING
හිස් හාදු.
Non-Fiction"ඔයා ආදරේ කරන හැමදේම අතෑරලා ඈතට යන්න... ඒ ඈතත් නැතිකරලා දාලා ඔයාව හොයාගෙන එන කෙනාට ඔයා ආදරේ කරන්න.... " -යුකිත්- "මට ඉන්න එකම කෙනා,මට හුස්ම ගන්න හේතුවක් දුන්න එකම කෙනාවත් මට නැති කරන්න එපා...