15.ආයු.

41 4 0
                                    

එදා බන්ග්ලෝ එකේ පැයක් විතර හිටපු අපි මගේ මහ ගෙදරට ගියා..මහ ගෙදරත් අයියා ගත්ත ගෙදරත් අතර විනාඩි 10ක වගේ දුරක් තියෙන්නේ....

ඊළග දවසේ උදේම අපි නුවරඑළිය ගියේ යුකීගේ ශූටින්ස් වලට...ඒක ඉවර වෙන්න පැය හතරක් පහක් යනවා කිව්ව නිසා මායි සිතුමයි gregory lake එකේ රවුමක් ගැහුවා....

ඒ හැමදේම ඉවර කරලා අපි ආපහු මහ ගෙදරට යනකොට තුන විතර වෙලා තිබුණා...ගෙදරට ගිය ගමන් මහන්සී කියලා සිතුමා ඇදකට පැනලා විනාඩි පහක් යන්නත් කලින් ගොරවන්නත් ගත්ත....

වෙනදට පෙන්නලා නැති අමුතුම වෙනසකින් යුකිත් මට මොකක්ම හරි කියන්න ට්‍රයි කරනවා මට දැනුනා.

ටිකකින් මගේ ලගට ආපු යුකිත් එයාගේ ෆෝන් එකේ ගැලරියෙන් හොයා ගත්තු අයියයි මායි නිතරම යන කැෆේ එකේ ෆොටෝ එකක් පෙන්නන ගමන්
"ආයු,ටිකකට අපි මෙතනට ගිහිම් එමුද?" කියලා ඇහුවා...

මම හා කියවත් එක්කම දුවගෙන ගියපු යුකිත්

'අපි කේක් කන්න යනෝ..නින්දෙන් ඇහැරලා අපිව හොයන් එපෝ ගෙම්බෝ😉' කියලා චූටි නෝට් එකක් ලියලා සිතූගේ ෆෝන් එකේ උඩින්ම පත සෙලෝටේප් කෑල්ලකින් ඇලෙව්වා..."

දාල ගිය එක කෙසේ වෙතත් ෆෝන් එකට කරපු දේට නම් සිතූට තරහ යනවා ශුවර්...

කැෆේ එකට යන අතරමග විනාඩි විස්සම අපි කිසිම කතාවක් නැතුව ගොලුවෝ දෙන්නෙක් වගේ ගියා...

කැෆේ එකට ගිය ගමන් මේ කැෆේ එක ෆේමස්ම කේක් වර්ග එක්ක ටී එකක් පුරුද්දෙන් වගේ ඕර්ඩර් කරපු යුකිත් මට සබ් එකයි කෝලා එකකුත් ඒ බිල් එකටම ඇඩ් කරා...

ඊට පස්සේ මම කවදාවත්ම බලාපොරොත්තු නොවුන විදියට මාස දෙකටම ඇතිවෙන්න යුකිත් කියවන්න ගත්තා...

"ආයු.. මට කාලයක් තිස්සේ ඔයාට කියන්න දෙයක් තියෙනවා.. මේ දේ ඇහුවට පස්සේ ආයු කොහොම ඒකට react කරයිද මම දන් නෑ... කොච්චර දුරට මාව විශ්වාස කරයිද කියලත් මම දන්නේ නෑ..."

"ඒත් මේ දේ කියලා මගෙ හිත නිදහස් කරගන්න ඕන මට... මම ආයුව පලවෙනි පාරට දැක්කේ මෙ කැෆේ එකෙදි.හරියටම මම මේ වාඩිවෙලා ඉන්න තැනදි.ඒක ගොඩක්ම ලොකු අහම්බයක්. ඔයා එදා ගොඩක්ම කලබල ඇස් වලින් කාවද හෙව්වා...ඊට පස්සේ ඔයා මගේ ඉස්සරහ අන්න අර ටේබල් එකේ සජන අයියා එක්ක වාඩිවෙලා හිටියා..i was thought he is your brother...i have done so many bad things to you ayu....forgive me ayu..will you???." මම එදා වාඩිවෙලා හිටපු තැනට ඇගිල්ලකුත් දික් කරන් යුකිත් කදුලු පුරවන් කිව්වා...

හිස් හාදු.Where stories live. Discover now