මගේ හිත ගොඩක්ම රිදුණා.. කවදාවත් රිදිලා නැති තරමටම රිදුණා.... ආයූව මේ රෑ තනියම වෙරළේ දාලා ආවට මගේ හිත ගොඩක් රිදෙනවා...ඒ නිසාම ආපහූ ඒ පැත්තටම වාහනේ හරවපු මම ඒ එක්කම සජන අයියට කෝල් කරලා location send කරේ ආයූව ඉක්මනට ගන්න එන්න කියන ගමන්...........
සජන අයියා ආයූව එක්කන් යනකල්ම ඈතට වෙලා බියර් එකකුත් බොන ගමන් මම බලන් හිටියා.......
ටිකකට කලින් පොඩි එකෙක් වගේ දණහිස් වල ඔලුව ගහන් උරහිස් ගැස්සි ගැස්සි හිටපු ආයූ අඩනවා කියලා මට පෙනුනා.......ලගට ගිහිම් තුරුළු කරගන්න මට කොච්චර ඕන වුනත් ඒකට හිත හදා ගන්න මට බැරි වුණා...
ටිකකින් සජන අයියට තුරුළු වෙලා අඩන ආයූ දිහා මම හැමදාම වගේ දුරින් ඉදන් බලන් හිටියා...
ටික වෙලාවක් එහෙමම හිටපු ඒ දෙන්නා ගියාම... මම බියර් කෑන් එකත් අරගෙන ආයූ වාඩිවෙලා හිටපු තැනටම ගියා....... එයා මට අද දීපු පෙන්ඩන්ට් එක අතගාන ගමන් මම බියර් කෑන් එක බීගෙන බීගෙන ගියේ මාරම හිස් හැගීමකින්...
ඒ එක්කම මට මතක් වුනේ අද සිතූ කියපු දේවල්........
"අඩෝ ආයූ උබට මැරීගෙන ආදරෙයි බන්...ඒත් ඌ මොකක් හරි නිසා ඒ ආදරේ උබට කියන්න බයයිද කොහොද........?? සමහර විට උගේ තාත්තා මිහි අයියගේ එෆෙයාර් එකට කරපු දේවල් නිසා වෙන් ඇති.....
මම කියන්නේ ටික කාලයක් ආපහු උබ ආයුගෙන් ඈත් වෙලා ඉදපන්.... උබ ඌ ගාව නැති වුණාම උබේ අඩුව උට දැනෙයි.. අපි බලමු ඊට පස්සේ මොකද වෙන්නේ කියල... මම කියනවට ටික කාලයක් උබ ඌව ගණන් නොගෙන ඉදින්....ඊට පස්සේ මේක අනිව හරියනවා... මම මැද ඉදගෙන ආයූගේ පැත්තෙන් වෙන්න ඕන ටික බලන්නම්... ඒත් පුතෝ........ දුක හිතුණා කියලා වැඩේ කන්න නම් එපෝ...... උගේ තාත්තා දාන ප්‍රශ්නයක් අපි ඒ කාලෙට බලමුකෝ........."
මම සිතූ එක්ක තරහින් ඉද්දි... ඒක ශේප් කරගන්න ඒ කපටිච්චා දීපූ solution එකක් තමයි මේ..........
මාත් මෝඩයා වගේ ඌ කියපු දේට ඔලුව වනල සිතුමා එක්ක තිබ්බ ඔක්කොම තරහවල් අමතකම කරලා දැම්මේ මේ අවුරුදු ගාණටම අපි තරහ වෙලා හිටපු එක දවසක්වත් නෑ කියලා මතක් කරන ගමන්......
YOU ARE READING
හිස් හාදු.
Não Ficção"ඔයා ආදරේ කරන හැමදේම අතෑරලා ඈතට යන්න... ඒ ඈතත් නැතිකරලා දාලා ඔයාව හොයාගෙන එන කෙනාට ඔයා ආදරේ කරන්න.... " -යුකිත්- "මට ඉන්න එකම කෙනා,මට හුස්ම ගන්න හේතුවක් දුන්න එකම කෙනාවත් මට නැති කරන්න එපා...