"ස්නේහා ඔයා ලගකදි ඉදන් ගොඩක්ම වෙනස්. මට පේන්නේ නම් කෙල්ල ආදරේක පැටලිලා වගේ.ඇත්තම කියන්න සනූ දැන්වත්... ඔයා මටත් හොරෙන්ම ඔයාගේ යුකිත් අයියට ආදරේ කරනවා නේද??"
අද උදේම තනූ මගෙන් අහපු කතාවට මගේ හිත ගැස්සිලා ගියා...
යුකිත් අයියාට මම ආදරේ කරනවද???
මම මගෙන්ම ඒ ප්‍රශ්නේ අහගත්තා..දවස් දෙක තුනක් එයාව බලන් නැතුව ඉන්න බෑ තමයි... එයා ගාව ඉද්දි ආරක්ශාවක්, පහසුවක්, සතුටක් වගේම අප්පච්චි ගාව,ගෙදර ඉන්නවා වගේ හැගීමක් දැනෙනවා තමයි....
ඒත් මට ඒ දැනෙන හැගීම ආදරයක්ද? කියලා හිතලා වෙන්කරගන්න මට තාම අමාරුයි.....
කිසි කෙල්ලෙක් එක්ක කතාවත් නොකරන ඒ පන්ඩිතයා කතා කරන්නෙත් මාත් එක්කයි ,තනූ එක්කයි විතරයි...
ඊට අමතරව වෙන කෙල්ලෙක් එක්ක කතා කරන්න උනොත් නම් ඒ උපරිම වචනයි දෙකයි.. ඒකත් ඒ අනිවාර්ය දෙයක් නම් විතරයි....
"මේ ඒක නෙමේ සනූ, ඔයා දන්නවද අර ට්‍රැවල් චැප්ටර් එකේ ඇඩ්මින් ආයූ.. අර ටීවී ප්‍රෝග්‍රෑම්ස්වල එහෙම ඉන්න ට්‍රැවලර්...
එයා සිතූලගේ ස්කූල් එකේලු දැන්...අපේ වයසමනේ.. පුදුම අහිංසක ලස්සනක් තියෙන්නෙ එයාගෙ... ""එයත් කොමස්ලු කරන්නෙ...ඕක කොහෙන් හරි අපේ ක්ලාස් එකේ කෙල්ලොන්ටත් ආරංචි වෙලා මට මාර වදයක් දෙන්නේ එයා යන ප්‍රයිවට් ක්ලාසස් ටික හොයලා දෙන්න කියලා...."
සිතුම්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වීමේ වාසි තමයි මේ පේන්න තියෙන්නෙ.. ඒ ස්කුල් එකට උඩින් කපුටෙක් පියෑබුවත් තනූට ආරංචිය එන්නේ ඒ නිසා.........
"සිතූ මට කිව්වා හොද ක්ලාසස් ටිකක් හොයලා කියන්නම් කියලා...
කොහොමත් යුකිතුත් එයි දෙන්නා පොඩි කාලේ ඉදන්ම ඇලිලා ඉන්න නිසා...
ඒ නිසා අපිත් ඇලිලාම එයාලා යන ඒවටම යමු සනූ..........." හිනා වෙවී තනූ කියවනවා..මට මේකට උත්තරයක් දෙන්න දෙයක් නෑ.
හා කිව්වත් බෑ කිව්වත් දෙකේම තේරුම හා ම තමයි.... O/L කාලේ විතරක් නෙමෙයි අපි හෝඩියේ ඉදන්ම ක්ලාස් එකකට ගියා නම් ඒ එකම එකකට.....අපි හතරදෙනාම 01 ඉදන් නෙමේ 00 ඉදන්ම යාළුවෝ කිව්වොත් හරි.... ක්ලාස් යන්නේ එකට... කන්නේ බොන්නේ එකට...ට්‍රිප් යන්නේ එකට..හැබැයි යන්නෙනම් ස්කූල් දෙකකට.. කවුරුම හරි මික්ස් ස්කූල් එකකට ගියා නම් අපි අද එතනත් එකට.
ඒකටම හරියන්න අපේ අම්මලා තාත්තලත් මරුවටම සෙට් වුණා...එයාලත් නෑදෑයොන්ටත් වඩා යාලුවන්ගේ පවුල් වලට එකතුයි කිව්වොත් හරි....
"යුකීගේ නම ඇහෙන්න විතරයි ඕන.. කොහොමද කෙල්ලගේ මල් හිනාව.... හරි හරි ඔහොම යන්කෝ..... ඔය ආදරේ ඔයා කාගෙන් හැංගුවත් මේ තනූගෙන් හංගනවා බොරු සුදූ....."
ආපහු මේ පිස්සු ආච්චි කියවන්න පටන් ගත්තා....අම්මෝ දවසක සිතූයි තනූයි නම් වර්ල්ඩ් රෙකෝර්ඩ් එකක් තියලා තමයි පස්ස බලන්නේ most talkative couple කියලා... එක නම් කවුරු වුනත් කඩනව බොරු.....
"කොහොම හරි කෙල්ලේ උදේ මම අහපු ප්‍රශ්නේ උත්තරේ තාම pending නේහ්.
ඔයා කියන්න කලින් මමම ඒක හොයාගන්නම්... දැන් තමයි රහස්පරීක්ෂකතුමිය ගේමට එන්ටර් වුනේ............ හී... හී....හී....." කොන්ඩෙත් පද්ද පද්ද තනූ කියවනවා........ඊයා ඔයාගේ හිනාව කැතයි තනූ.. සිතුම් හරියට ඔය හිනාව දැක්කනම් ඔයාව දාලම යයි...
අන්න බෙල් එකත් ගැහුවා......
ඔයාගේ පිස්සු කතා අහලා ඉන්ටර්වල් එකත් ඉවරම වුනා.......අපි යමු ක්ලාස් එකට.......................................................................................
*මම ස්නේහගේ චැප්ටර්ස් වැදගත්ම වෙන ටික විතරක් දාලා ගොඩක්ම පොඩියට ලියන්න හිතුවා....මොකද ඔයාලටත් දේවල් මතක තියාගන්න ලේසි වෙන්න..... එහෙම කමක් නැද්ද????
*ඒ වගේම ආයු,යුකිත්,ස්නේහා කියලා චැප්ටර්ස් යන නිශ්චිතම පිළිවෙලක් නෑ...
ඒක අවුලක්ද????????
YOU ARE READING
හිස් හාදු.
Non-ficțiune"ඔයා ආදරේ කරන හැමදේම අතෑරලා ඈතට යන්න... ඒ ඈතත් නැතිකරලා දාලා ඔයාව හොයාගෙන එන කෙනාට ඔයා ආදරේ කරන්න.... " -යුකිත්- "මට ඉන්න එකම කෙනා,මට හුස්ම ගන්න හේතුවක් දුන්න එකම කෙනාවත් මට නැති කරන්න එපා...