රත්තරන් කොල්ලා මේ ටිකේ හොදටම බිසී... රගර් ප්‍රැක්ටිස් නිසා..තව මාසෙකින් අපේ matches පටන් ගන්නවා.. මේ පාරත් කොහොම හරි සුපිරි ගේමක් ගහලා දිනන්නම ඕන..මේ ටිකේ ගැම්මෙන් ඉන්න ඕන.. මොකද නම්බර් 08 කිව්වම හැමෝමටම මතක් වෙන්නේ මාව.... ඒක මෙහෙමයි ඉතිම් මගේ තාත්තිගේ ලකී නම්බර් එකම මාත් ගත්තේ අපේ තාත්තිට ගොඩක් සතුටු හිතවන්නත් එක්ක...
අඩේ මගේ බර්ත්ඩේ එකත් එනවෝ..... අම්මිගෙන් 16 pro max එකක් ඉල්ල ගන්න කාලේ හරි ....
තාත්තිගෙන් ඉල්ලන්නේ සුපිරිම බයික් එකක්. එක්කො කාර් එකක්...මෙච්චර කල් බෑ කිය කිය හිටියට එකම පුතාගේ 18 වෙනි බර්ත්ඩේ විශ් එකට බෑ කියන එකක් නෑ ..එතකොට මේ චූටි පුතාගේ රථ ගාය හරියනවලු අම්මී...
සිතුමා නම් හැමදාම වගේ මාසෙකට කන්න cakes එක්ක තව මොනා හරි උස්සගෙන එයි....
ආයු............ ආයුගෙන් එකම එක කිස් එකක් ඉල්ල ගන්න බැරිවෙයිද දන් නෑ....... නෑ ..නෑ.. එහෙම ඕන නෑ.. එයාම දෙන දවසක දෙයි. බලෙන් නම් ඉල්ලලා ලැජ්ජ වෙන්න එපා කොල්ලෝ......
ඒත් එකම එකක්...........
මට එයා වියදම් කරනවට දුකයි. එයාගේ වියදමුත් එයාම බලා ගන්න නිසා.....
අඩෝ මේ.. පිස්සු කියවන්න එපා.. උබ ඕන නම් උබේ වත්කම් ගැන දුක් වියන්.. වායූ එයාගේ අප්පච්චිගෙන් සල්ලි reject කරාට... මිහී.. උබේ මස්සිනා පරම්පරා ගානකට සල්ලි ඉතුරු කරලා ගිහිම් තියෙන්නේ එයාගේ චූටි මල්ලිට.. අනික වායුගේ commercials වලින් Youtube එකෙන් ලැබෙන සල්ලි එක්ක බලද්දි උට එහෙම අහේනියක් නෑ යුකියෝ.....
ආයුගෙන් gift එකක් ලැබෙන් නැතිවෙයි කියලා බයට හිත අස්සේ ලෝභයා ගිණුම් පොතක් අරන් ආයුගේ ආදායම් ගණනය කරනවා.....
"අඩෝ අඩෝ උබ මොනවාද බන් ඔච්චර හිත හිත ඉන්නේ....අඩෝ අද අර බ්‍රේකින් නිව්ස් වල කිව්වේ උබ ගැනද?? අහසයි පොළවයි ගැට ගැසීමට තරුණයෙකුට හැකි විය, කියලා...?" සිතුමා හිනා වෙවී ආයුත් එක්කම එනකොට හිත අස්සේ ලෝභයා ලැජ්ජාවටම පලා ගියා...
"ඕයි..ඕයි... ඇයි ඔය දැන් ආයු දැක්කම රතු වෙන්නේ... උබ අපේ ආයුවා ගැන හිත හිත හිටියේ නම් කියන්න එපා........හක.. හක. හක....."සිතුමාට හිනාව නවත්තගන්න බෑ...
YOU ARE READING
හිස් හාදු.
Não Ficção"ඔයා ආදරේ කරන හැමදේම අතෑරලා ඈතට යන්න... ඒ ඈතත් නැතිකරලා දාලා ඔයාව හොයාගෙන එන කෙනාට ඔයා ආදරේ කරන්න.... " -යුකිත්- "මට ඉන්න එකම කෙනා,මට හුස්ම ගන්න හේතුවක් දුන්න එකම කෙනාවත් මට නැති කරන්න එපා...