08.ආයූ.

38 5 2
                                    

අද තමයි මම AL's වලට පලවෙනියටම ස්කූල් යන දවස වගේම අලුත්ම ස්කූල් එකකට පලවෙනියටම යන දවස.... මේ ගෙවුන මාස කීපයට මගේ ජීවිතේ ගොඩක් ලොකු වෙනස්කම් කිහිපයක් වුනා කිව්වොත් හරි....

සජන අයියගේ උදව් එක්ක මම  එයාගේ ඕල්ඩ් ස්කූල් එකට ඇතුළු වුනා.. එයාට ගොඩක්ම කන්ටෑක්ස් තිබුන නිසා මේ වැඩෙ ලේසියෙන් කරගන්න පුළුවන් වුනා...සජන අයියාගේ ගෙදර නතර වෙන්න කියලා ගොඩක් කිව්වත් තවත් එයාට කරදරයක් වෙන්න බැරි නිසාම එයාගේ උදව්වෙන්ම මම ඇනෙක්ස් එකක් හොයා ගත්තා....

අප්පච්චි ඒ අදහසට උඩින්ම කැමති වුනා.. එයාට ඉස්සර ඉදන්ම කොහොමත් අයියයි මාවයි colombo වල  හොදම ස්කූල් වලට යවන්න ලොකු ආසාවක් තිබුනා.... එයත් මේ දවස් වල ලංකාවේ නැති නිසා ස්කූල් එකට ඕන වැඩ ඔක්කොම මට සජන අයියගේ උදව්වෙන් කරගත්තා........

ඔය අතරේ කාලේ මම නවත්තලා තිබුන ට්‍රැවලින් වැඩේ ආපහු continue කරා... ඒ අතරේ කෑම්පින් අයිටම්ස් කිහිපයක ඇඩ්ස් කිහිපයක්ම promote කරන්නත් වුනා...........

ජීවිතේ ආපහු සාමන්‍ය විදියට ගලාගෙන යන්න ගියා........නිතරම අයියව මතක් වුනත් අතීතය වෙනස් කරන්න බෑ වර්තමානේ ජීවත් වෙලා ඉන්න කියන සිතුවිල්ලෙන් මම මාවම සනසා ගත්තා.................

අද පලවෙනි දවස නිසාම සජන අයියා මාව ස්කූල් එකෙන් drop කරන්න ආවා.. ප්‍රින්සිපල්  ඔෆිස් එකට යන්න කලින්ම එයාට අකැමැත්තෙන් වුනත් ආපහු  යන්න වුනේ හොස්පිට්ල් එකේ  පොඩි කලබලයක් කියලා ආපු හදිසි කෝල් එකෙන්......

ස්කුල් ගේට් එක ගාව හිටගෙන මේ දේවල් හිත හිත හිටපු මගේ දැහැන බිදුනේ....ඇගේ හැප්පුන කොල්ලෙක් මටත් රවලා දුවද්දි......හදිස්සියේම  ඒ ඇස් වල මට  පුරුදුබවක් දැනුනා.... ඒ ඇස් අළු පාටද..???

මම හිමින් හිමින් ස්කූල් එක ඇතුලට ගියේ ඔෆිස් එක කොහේ ඇතිද හිතන ගමන්.....

ප්‍රිෆෙක්ට්ලා දෙතුන් දෙනෙක්ට බෑග්ස් චෙක් කරන්නත් අමාරු තරම් ළමයි ගොඩක් පෝලිම් හැදිලා හිටියා.. මමත් හිමින් ගිහිම් ඒ පෝලිමකටම එකතු වුනා.......

"මේ ළමයි ගොඩක් අස්සේ කොහෙන්ද බන් මම ආයුවෙක් හොයන්නේ...?? පිනාත් උදේ පාන්දර මට දෙන වැඩ බලපන්කෝ...උබත් බලපන් කලින්  දැකල නැති ෆේස්කට් එකක් තියේද කියලා............."

යුකිත් තරහින් සිතුම්ට කිව්වා.

"ආයු ශස්මිත කියලා කෙනෙක්  මෙතන  ඉන්නවද??"
බැම්මක් උඩ නැගගෙන කොල්ලෙක් තෙරපෙන ළමයි  දිහාට හැරිලා කෑ ගැහුවා...

මම අතත් උස්සන් ඒ දිහාට යනකොට ඇගේ හැප්පිලා දුවපු කොල්ලයි ,බැම්මේ නැගගෙන කෑ ගහපු කොල්ලයි  දෙන්නම මගේ දිහා බලන් හිටියා...

"අඩේ උබද ආයු  බැරිනම් වායු????? උබව ඔෆිස් රෑම් එකට එක්කන් එන්න කියලා පිනා අපිට  කිව්වා...

"සිතුම් අයියේ අපිට පොඩි හෙල්ප් එකක් දෙනවද??? "කියලා තව ප්‍රිෆෙක්ට් කෙනෙක් කතා කරනවත් එක්කම,

"කොල්ලෝ අද පලවෙනි දවසනේ...මට  මෙතන  ගේට් ඩියුටි එකට යන්නම වෙනව... මේ ළමයි වැඩි ටයිම් එකනේ ... එ නිසා උබ මූ එක්ක පලයන්"  කියලා  සිතුම් කියන කොල්ලා ගේට් එක පැත්තට යන්න හැරුණා......

එතකොට තමයි මම හරියටම අනිත් කෙනාව දැක්කේ..... එයාට නම් මාව මතක නැති එකම හොදයි..ඇගෙ හැප්පීගෙන උදේම දුවගෙන ගිය ඇස් මට හපුතලේ සිද්ධිය මතක් කරෙ වැරදීමකින් කියලා හිතුවත්, ඒ වැරදීමක් නෙමෙයි කියලා මට ඉස්සරහ හිටගෙන ඉන්න රූපේ දැක්ක ගමන් ඔප්පු වුණා  ....

"මාත් එක්ක එන්න..."

කියාගෙන කිසි හිනාවක්වත් නැතුව එයා ඉස්සර වෙලා යන්න ගියා..ඔෆිස් රෑම් එක ගාවටම ගිහින් කිව්ව දේට මට හිතාගන්න බැරි වේදනාවක් දැනෙන්න ගත්තා.....

"මේ ඔයාගේ පළවෙනි දවස වගේ..මේ  වගේ විශේෂ දවසකවත් ඔයා භාරකාරයෙක් එක්ක එන්න....මොකද මම ඔයාගෙ භාරකාරයා නෙමේනේ මේ දේවල් කරන්න.. මේ වැඩ නිසා මටත් වෙලා යනවා... හරි මේ තමයි ප්‍රින්සිපල්ගේ රූම් එක..."

එයාට තෑන්ක්ස් කරන්නද සොරි කියන්නද කියලා හිතාගන්නත් කලින්ම ඒ අළු ඇස් ආයෙම  මගෙන් අතුරුදහන් වෙලා ගියා.............

........................................................................

මට කියලා භාරකාරයෙක් ඉන්නවද??

ආයුගේ ජීවිතේ ලොකුම ප්‍රශ්නයක් මේක..

හිස් හාදු.Where stories live. Discover now