මගේ හොදම බර්ත්ඩේ එක... තාත්තී අපේ ශොප් එකෙන් මට කැමතිම vehicle එකක් තෝරගන්න කිව්වම... මම ඉස්සර ඉදන්ම BMW එකකට කැමැත්තෙන් හිටියත් ඉස්සරහට ආයූ එක්ක රට වටේම ට්රැවල් කරන්න වෙන නිසා මම land rover defender එකක් තෝරාගත්තා කියලා දන්නේ මම විතරයි......
ඒක ගත්තු ගමන් ආයුට කෝල්ස් 254ක් විතර ගත්තේ.. අම්මිටයි තාත්තිටයි පස්සෙ ආයූව ඉස්සෙල්ලම මගේ වන්ඩියේ රවුමක් එක්ක යන්න හිතන්..... දැන් තමා තේරෙන්නේ එයා ආන්සර් නොකරපු හේතුව.... අවුලක් නෑ පාර්ටිය ඉවර වෙලා සිතූ එක්ක අර දෙන්නව ගෙදර යවලා... ආයූව දාගෙන රවුමක් යනවා......රවුම රවුම් දෙක තුනක් වෙන එක වෙනම දෙයක්....
තාත්තී බර්ත්ඩේ එකටම ලංකාවට ආපු එක.. අම්මි දීපූ බර්ත්ඩේ සප්රයිස් එක... ඒ මදිවට ස්නේහලා මේ තරම්ම ලස්සනටම දීපූ පාර්ටි එක... මට මේ බර්ත් ඩේ එක නම් මාරම වටිනවා..... ඒක ඒ තරම්ම ලස්සනම බර්ත්ඩේ එකක්....
ඒ හැමදේම හිත හිත බීච් එක පැත්තට මම ඇවිදගෙන ගියේ එයාලට ගොඩක්ම තෑන්ක්ස් කරලා......
අද ආයුගේ ඇස් වල ලොකුම ලොකු දුකක් මට පේනවා... ඒ ඇස් මාව මගාරින්නේ ඇයි ඒත්??? මිහී අයියගේ අවුරුද්දේ දානේ ලංවෙන නිසා වෙන්න ඇති කියලා හිත අස්සේ ෂර්ලොක් හෝම්ස් මට කිව්වම මම හිතුවා ඒ නිසා තමයි එහෙනම් මේ කියලා...
සිතූ මාව මගාරින්නේ ඊයේ රුමේෂ්කාරයෙක් පටල ගත්ත ලැජ්ජාවට.. ඕකව නම් අල්ලගන්න ඕන ඉක්මනට.....ඇයි යකෝ මෙච්චර එකට ඉන්න මාව අදුරන්න බෑ මුට ශොට් එකක් දා ගත්තම....
ස්නේහාගේ හැසිරීමත් අද මාරම වෙනස්.. මම නොදන්න මොකක්ම හරි තියෙනවා අප්පා මේ හතරදෙනා අතර... බලමුකෝ... යුකී රහස් පරීක්ෂකතුමා එක්ක කොහොමද මේ සැකකාර පාර්ශවය හැසිරෙන්නේ කියලා......
රහස් පරීක්ෂකතුමා mode එකට enter වෙන්න හිතන් ආයූ දිහාට ගිහිම් කතාවක් දා ගද්දිම කනා mode එක on කරලා කවුද එකෙක් බලහත්කාරයෙන් මගේ ඇස් බැන්දා අප්පා..........
මේ handsome යුකී කුමාරයාව කවුරුන් හෝ පැහැරගන්නද යන්නේ... කියලා හිතද්දිම සිතුමා කනට කරලා
"අඩෝ..යුකියෝ.. සමාවෙයන් බන්.. I had no other choice මචන්.. සොරි බන්..." කිව්වේ නැතැයි....
YOU ARE READING
හිස් හාදු.
Документальная проза"ඔයා ආදරේ කරන හැමදේම අතෑරලා ඈතට යන්න... ඒ ඈතත් නැතිකරලා දාලා ඔයාව හොයාගෙන එන කෙනාට ඔයා ආදරේ කරන්න.... " -යුකිත්- "මට ඉන්න එකම කෙනා,මට හුස්ම ගන්න හේතුවක් දුන්න එකම කෙනාවත් මට නැති කරන්න එපා...