"යුකී උඹ දන්නවද අර ටිකකට කලින් උබ එක්ක ඔෆිස් එකට ගියේ.. ආයූ බන්.. ඌ පට්ට ෆේමස් ට්රැවලර් කෙනෙක්.. අනිවා උබ උගේ වීඩියෝස් බලලා ඇති.දන්න විදියට හෙනම රිච් ෆැමිලි එකක කොල්ලෙක්.මටත් දැකලා පුරුදු ගතියක් දැනුනා...
ගේට් එක ගාව කොල්ලො කතා වෙද්දි තමයි ඒ ඌමයි කියලා confirm වුනේ...මේ පාර බෙස්ට් ට්රැවලර් අවර්ඩ් එකත් අත ලග තියන් උට නූලෙන් miss උනේ.." සිතූ ඉවරයක් නැතුව රොයිරටේ වගේ කියාගෙන යන්නේ ඩියුටි ඉවර කරලා ක්ලාස් එකට යන ටිකට....
"ඌ ඔහොම නෙමේ ජනාධිපතිගේ පුතා වුනත් මට වැඩක් නෑ බන්.. ඌ නිසා මට උදේ ප්රැක්ටිස් යන්නත් පරක්කු වුනා.. පලවෙනි දවසේම කෝච්කාරයා මට ඔක්කොම ඉස්සරහ බැන්නා වෙලාවට වැඩක් කරන් නෑ කියලා...."
"අනික ඌ මට තෑන්ක්ස් කරේවත් නෑ.. මෙලෝ මැනස් නැති එකෙක්.. "
"තව ඌ මගේ ඇස් දිහා බලන විදියට මම ආසම නෑ....ඒ නිසාම මම ඌට පොඩි සද්දෙකුත් දාලාම ආව...
අනික බලපන් ඌ ලොක්කා වගේ තනියම පලවෙනි දවසෙම ස්කූල් එකට ආවේ අනිවා උගේ ලොකුකම නිසානේ.. නැතත් පිනාත් උට ඔච්චර විශේෂ සැලකිල්ලක් දෙන්නේ මුගේ ගෙදර එකෙක් පිනාට ලොකු ගොට්ටක් අල්ලන නිසානේ...
කොහේ හරි මටත් ඌව දැකලා පුරුදුයි වගේ දැනුනා.. එහෙනම් ඒ උගේ වීඩියෝ එකක වෙන් ඇති......"
"ඒකනේ උඹ අනිවා දැකලම ඇති.. ඌ ඒ තරම් ෆේමස්.. ඔන්න දැන් තමයි උබට ඇටෑක් එකට නියම පොරක් ඉන්නේ... මෙතනින් පස්සේ උබට ඔය ලැබෙන පෙම් හසුන් කෙලින්ම 50%කින් ම අඩුවෙයි... " සිතූ හිනා වෙවී පිස්සෙක් වගේ කියවනවා.........
ස්කුල් පටන් ගන්න සතියකට කලින් කොමස් කරන ලමයි ටිකට දෙමාපියෝ එක්කම මීටින් එකක් තිබ්බා... ක්ලාස් එකේ පංතිභාර මිස්,විෂයභාර ගුරුවරු වගේම 13අයියලා සෙට් එක, පන්තියේ ලමයි ටික අදුරගන්න ලේසි වෙන්න තමයි ඒ දේ organize කරලා තිබුණේ..අපිට කොමස් ක්ලාසස් දෙකක් තියෙනවා 12-A,12-B කියලා..ක්ලාස් එකක ළමයි 29,30 ගාණේ...
හොද වෙලාවට සිතුවත් මම ඉන්න ක්ලාස් එකටම වැටිලා තිබුණා(12-A).ඉතිම් කලින්ම අපි ඔක්කොම දැන හදුන ගත්තු නිසා අද ඒ කෝලම් නෑ...ගොඩක්ම ඉන්නේ අපි එක්කම O/L කරපු කොල්ලෝ... අළුතින් කියලා ආපු 04 දෙනෙක් විතරයි ඉන්නේ.... මේ ක්ලාස් එකටම ප්රිෆෙක්ට්ස්ලා කියලා ඉන්නේ මායි සිතුමයි විතරයි..
YOU ARE READING
හිස් හාදු.
Документальная проза"ඔයා ආදරේ කරන හැමදේම අතෑරලා ඈතට යන්න... ඒ ඈතත් නැතිකරලා දාලා ඔයාව හොයාගෙන එන කෙනාට ඔයා ආදරේ කරන්න.... " -යුකිත්- "මට ඉන්න එකම කෙනා,මට හුස්ම ගන්න හේතුවක් දුන්න එකම කෙනාවත් මට නැති කරන්න එපා...