විශ්වාසය

116 19 59
                                    

අපි හතරදෙනා පෝලිමට සීරුවෙන් හිටගෙන හිටියෙ අපි එකෙක්ටවත් තාමත් මෙතන මේ වෙන්නෙ මොකක්ද කියල හිතාගන්න බැරුව......!!!

"විමුක්ති..!! අපිට දැනගන්න පුළුවන්ද මොනවද එතනදි දැක්කෙ කියල...?? "

"සර් මුලින් මට දැනගන්න දෙයක් තියෙනව...!! අහන්න අවසරයිද...?? "

"මූ අපේ එකාගෙම මල්ලි තමයි...!!! ආයෙ ඒකෙ කිසිම සැකයක් නෑ....!!!අවසර තියෙනව අහපන්කො....!! "

"සර් කොහොමද මං බෝඩරෙන් පිට ගියා කියල දන්නෙ.....??? "

"තමුන්ගෙ යාළුවොන්ගෙ හැසිරීම සැක හින්ද මං මුන්ව අල්ලගෙන ප්‍රශ්නකරා එතකොට තමයි විස්තරේ කිව්වෙ...!!! "

"සමාවෙන්න සර්..!!! මං ඔය උත්තරේ පිළිගන්නෙ නෑ...!!! මං මගෙ පණ දෙවෙනි කරල කියනව මගෙ උන් එකෙක්වත් මාව පාවල දෙන්නෙ නෑ කියල සර්...!! "

"එච්චරම විශ්වාසද යාළුවන්ව....?? "

"ඔව් සර්...!!! "

මං මේජර්ගෙ ඇස් දිහා කෙලින්ම බලාගෙන උත්තර දුන්නෙ මං කියන්නෙ කරන්නෙ මොනවද කියල මට හොඳ විශ්වාසයක් තියෙන හින්ද .......

"උඹල ටෙස්ට් එක පාස්..!!! රටක් වටින කොල්ලො හතරක්...!!! අපි මේ යුද්දෙ දිනමු කොල්ලනේ.අපිට ඕනෙ කරන්නෙ උඹල වගේ උන් තමයි...!!!

විමුක්ති හරි යාළුවො විමුතිව පාවල දුන්නෙ නෑ....!!! විමුතිලව මෙහාට ගෙන්නන කලින් ඉඳල ඔතන කට්ටිය ගැවසුනා.ඊයෙ රෑ විමුක්ති පහළට එවපු පණිවිඩේ මටත් ආවා.ඒකයි මං අද අපේ අනික් අයටත් එන්න කිව්වෙ.....!!!

මොකද වික්‍රමගෙ මල්ලි කියන්නෙ වික්‍රම වගේම එකෙක් වෙන්න ඕනෙ කියල මං අනුමාන කරා..!! ඉතිං විමුක්ති දන්නෙ නැති උනාට විමුක්ති මෙහාට ආපු වෙලාවෙ ඉඳල මං හිටියෙ විමුක්ති ගැන හොඳ අවදානෙන් .....!!!! ඉඩක් හම්බෙන හැම වෙලාවෙම හතරදෙනා තැන් තැන්වල කල්ලි ගැහෙද්දි මට සැක හිතුන අද හෙටම උඹල පිම්මක් පනී කියල .....!!!

"තේරුනා සර්.....!!! "

"දැන් කියමු බලන්න දැක්ක දේවල්..!!! "

"උන් අපිට ගහන්න ආයුධ ගෙනත් සර්.!! අපි නොදන්නව උනාට,,,, සාම සාකච්ඡා ඉවරවෙන දවස උන් දන්නව සර්...!!! "

උතුරු හුළඟ Wo Geschichten leben. Entdecke jetzt