"විල්ලු..!! මොකෝ කතා නැත්තෙ..?? ""බයයි වගේ අයියා...!!! "
"බයනොවී හිටපන්....!!! උඹට කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ විල්ලු...!!! මං ඒ ගැන උඹට පොරොන්දු වෙනව.... මං උඹත් එක්ක ඉන්නව උඹ අපිත් එක්ක හිටිය වගේම ...!!! මාව විශ්වාස කරපන්...!!! "
බයවෙලා හිටපු විල්ලුගෙ කරට අතදාගෙන මං එහෙම කියද්දි ඌ යන්තං හිනා උනා....!! උගෙ හිතේ තිබ්බ බය ඇරෙන්න ඇති ........
"ඒ බං උඹල ගාව පෝන් එකක් තියෙනං දීපන්කො..... මට කෝල් එකක් ගන්න ඕනෙ..... !! "
"ආ සර් මෙන්න.....!!! "
මං ඉල්ලපු පරක්කුවට ඉස්සරහ සීට් එකේ හිටපු කොල්ලෙක් මට පෝන් එකක් දුන්නෙ මට සර් කියාගෙන..!! මුන් තාම දන්නෙ නැද්ද කොහෙද මං කමාන්ඩෝ බලකායෙ උනාට සාමාන්‍ය සෙබලෙක් කියල...!!! මාත් ඉතිං ඔහේ හිටිය ඕනෙ මගුලක් කියපියව් කියල...!!මොකද මට හොඳටම මහන්සී දැන්...!!!!
"හෙලෝ මේ ඩොක්ට රජිත් ද කතාකරන්නෙ....??? "
"ඔව් කවුද මේ....??? "
"රෝහිත සර් ඉන්ෆෝම් කරන්න කිව්ව විශේෂ මෙහෙයුමකට ගියපු අපේ කමාන්ඩෝ රෙජිමේන්තුවේ සෙබලෙක් තුවාල වෙලා අසාධ්‍ය තත්වයෙන් මේ දැන් හොස්පිටල් එකට ගේනව ලෑස්ති වෙලා ඉන්න කියල....!!! විශේෂෙන් ඩොක්ට රජිත්ට ඉස්සරහින්ම ඉන්න කිව්වා...!!! ඒ කොල්ලා ඩොක්ට රජිත්ව අහනවලු......!!! ස්ටෑන්ඩ් බයි ඉන්න අපි ළඟම එනව.....!!! "
විල්ලුට මං කියන ඒවා එච්චර නොතේරෙන හින්ද ඌ කට ඇරගෙන මොකාද එකා වගේ බලන් හිටියට ඉස්සරහ ඉන්න උන් දෙන්න හොරෙන් හිනාවෙනව මං බලාගෙන .......
"ආ බං පෝන් එක තැන්කිව් දුන්නට..!! "
"ඕක තියාගන්න සර්...!!! රෝහිත සර් තමයි ඕක දුන්නෙ සර් ඉල්ලුවොත් දෙන්න කියල....!! "
"මොකක්....!! මට ...??? "
"ඔව් සර්...!! සර් ඇහුවොත් කියන්න කිව්ව සර්ගෙ යාළුවො ඕක සර් ආපහු ආවහම දෙන්න කියල රෝහිත සර්ගෙ අතට දුන්න කියල .....!!! "
ඉස්සරහ හිටපු එකා කියපුදේ අහල මං ආයෙම පෝන් එක අරගෙන වටේට හරවල බැලුව....මං යද්දි පෝන් එක අරං ගියේ නෑ තමයි.....!!! ඒත් මගෙ ගාව තිබ්බ පෝන් එකනං මේක නෙවෙයි....!!! මේක අලුත් එකක්.මං එහෙම්ම මේකෙ සේව් කරල තියෙන කන්ටැක් මොනවද බැලුවා....!!! මහියා නලීන් සාගර... උන් තුන්දෙනාගෙ නම්බර්ස් විතරක් පෝන් එකේ කන්ටැක් වල සේව් වෙලා තිබ්බා...!!!
