මහියා සාගරයා නලියා ප්රදියා එක්ක අපේ ඔක්කොම සෙට් එක පළවෙනි සටනෙ සතුට පුදුමෙ දුක බෙදාගන්න විදිහ බලාගෙන මං රෝහිත සර්ගෙ පස්සෙන් කූඩාරමට ගියා..!!! මහියා මාව දැකල හෑන්ඩ් සිග්නල් වලින් ඇයි කියල ඇහුවත් මං උට ප්රශ්නයක් නෑ කියල ඒ විදිහටම උත්තර දුන්න.....!!!!
"මොකක්ද විමුක්ති ප්රශ්නෙ ....??? "
රෝහිත සර් පපුව මැද්දෙන් අත්දෙක බැඳගෙන එහෙම ඇහුවෙ ටිකක් කේන්තියෙන් .........
"මට මාවිල්ආරු යන්න ඕනෙ සර්...!! "
"මොකක්ද මාවිල්ලාරු...??? තමුන්ට පිස්සුද විමුක්ති...!! මාවිල්ආරු කියන්නෙ තාමත් කොටින්ට අයිති ඒරියා එකක්....!!! "
"ඒක මං දන්නව සර්...!!! ඒත් මං එහාට යන්නම ඕනෙ...!!! මට ඉෂ්ඨ කරන්න වගකීමක් තියෙනව ....!!! "
මං එහෙම කිව්වහම රෝහිත සර්ගෙ කේන්තිය නිවිල ඒ ඇස්වල කුතුහලේ මුහුවෙච්ච බැල්මක් ඇතිවෙන විදිහ මං හොඳට දැක්කා........
"දැන් ඇයි තමුන්ට මාවිල්ආරු යන්න ඕනෙ විමුක්ති....??? මුලින්ම මට ඒක කියනව......!!! "
"මගෙ අයියා එහෙම නැත්තං සර්ගෙ හොඳම යාළුවා වික්රම තාමත් පණපිටින් ඉන්නව සර්...!!! මගෙ අයිය ඉන්නෙ මාවිල්ආරුවල හිරකාරයෙක් විදිහට...!!!! "
"මොකක්...!!! වි.... වික්රම මාවිල්ආරුවල...!!!! "
"ඔව් සර් අයිය තාමත් මාවිල්ආරුවල පණපිටින් ඉන්නව...!!!! මාත් මේක දැනගත්තෙ සති තුනකට කලින්...!!!ඒකයි මං මේ බෝඩරේට ආවෙ...!!! "
"කොහොමද බං මල්ලි...??? කොහොමද ....!! මට තේරෙන්නෙ නෑ..!! වික්රම ජීවත් වෙනව...?? මට හිතාගන්න බෑ බං...!!! මට කියපන් මල්ලි කොහොමද උඹ ඒක දන්නෙ......??? "
"මෙන්න මේක මට කෙනෙක් දුන්නා සර්...!!! "
මට හම්බුන දවසෙ ඉඳල මං පණ වගේ රැක්ක ලිවුම මං මගෙ පොකට් එකෙන් එළියට ගත්ත...!!! ඉටිකොල දහයක විතර ඔතල ඊට උඩින් ඒකට මං සෙලෝටේප් ගැහුවෙ මගෙ අතින් වතුර ගිහිල්ලා ඒක විනාසවෙයි කියන බයට..!!! මොකද මං බය උනා ඒ ලියුම වෙන කොහෙවත් තියන්න.....!!!
මං ඉටිකොල ලෙහල පරිස්සමෙන් ලිව්ම අරගෙන රෝහිත සර්ගෙ අතෙන් තිබ්බ.....!!!!