උතුරු හුළඟ

183 22 187
                                    


දවල් කාලෙ තිබ්බ අව්වෙ රස්නෙ ටිකෙන් ටික අඩුවෙලා යද්දි අපි හිටියෙ ගෝල්ෆේස් එකේ..... කොළඹ කියන්නෙ හරි රස්නෙ නගරයක්,,, වෙලාවකට තල් අරණ හොඳයි කියල හිතෙනව...!! දවල් තිබ්බ ඉර එළිය රතුතැඹිලි පාට වෙලා අඳුර අපි ගාවට එන්න පාර හොයන වෙලාවෙ මම රජිත්වත් ඇදගෙන ගෝල්ෆේස් ගල් බැම්මෙ ඈත කොනකින් ඉඳගත්තා..........

"මොකෝ මගෙ සිංහ නාම්බා කතා නැත්තෙ......!!! "

"හරි ලස්සනයි නේද රජිත්... මුලු අහසම තැඹිලිපාටයි.....!!! පුදුමාකාර නිදහසක් දැනෙන්නෙ.....!!! "

"ඒක උඹේ ඇස්වලින් පේනව බං...!! අද තමයි මං උඹේ මේ ඇස්වල නිදහසක් දැක්කෙ.....!!! "

රජිත් මගෙ මූණ උගෙ පැත්තට හරවගෙන එහෙම කිව්වෙ මගෙ ඇස්වලට එබිල.මේ වෙලාවෙ බීච් එකේ වැඩියෙ කවුරුත් හිටියෙ නෑ... හේතුව තමයි ඉතිං යුද්දෙට තිබ්බ බය.....!!!! වෙලාවක් අවේලාවක් නැතුව කොළඹත් කොටින්ගෙ බෝම්බ පුපුරද්දි මිනිස්සු මෙහෙම බයවෙන එක සාධාරණයි...!!!

"මං මුහුදට හරි ආසයි රජිත්....!!! හරි නිදහසක් දැනෙනව මේ රැල්ල දිහා බලාගෙන ඉන්නැද්දි... උඹට හිතෙන්නෙ නැද්ද මේ රැල්ලයි වෙරළයි අපි දෙන්න වගේ කියල .....!!! "

"ඒකනං ඇත්ත...!! උඹ කරන්නෙම මාව ඉඹල පැනල දුවන එකනෙ....!!! නවත්තගන්න හරිම අමාරුයි.....!!! "

"ඒත් ඉතිං රැල්ල වෙරළට හරි ආදරෙයිනෙ මගෙ සුදු මහත්තයො....!!! ඒකනෙ මං මේ සුදු මූණ පුළුවන් හැම වෙලාවෙම ඉඹින්නෙ......!!! "

මං එහෙම කියල රජිත්ගෙ නළල ඉබ්ඹා සාමාන්‍ය හීතලක් තිබ්බ මන්දගාමි ගතියක් තිබ්බ හැන්ඳෑවෙ හුළඟ අපේ ඇඟේ දැවටිල හමාගෙන යද්දි අපි දෙන්න ගල් බැම්මෙන් නැගිටල රැල්ල පාගන්න වෙරළට බැස්ස.........

කවුරුත් නැති හිස් මුහුදු වෙරළෙ අපි දෙන්න ටිකක් ඇවිද්ද.....

"මේ මුහුදු වැල්ල මගෙ කකුල් අල්ලගන්නව වගේ දැනෙන එකට මං පට්ට ආසයි රජිත්..!! බූට් වලට තැම්බුන කකුල්වලට හරි සනීපයි ....!!!! "

"පොඩි එකෙක් වගේ .....!!! "

මං කකුලෙ ඇඟිලිවලින් මුහුදු වැල්ල හාරන දිහා බලාගෙන රජිත් හිනාවෙවී මගෙ ඉන වටෙන් අත් දාලා මාව පිටිපස්සෙන් බදාගෙන මගෙ පිට ඉම්ඹ......

උතුරු හුළඟ Wo Geschichten leben. Entdecke jetzt