මාව නිකං කැරකෙනව වගේ...!! මට නැගිටගන්න බෑ....මොන මොනවදෝ පැහැදිලි නැති සද්ද වගයක් මගෙ ඔලුව ඇතුලෙ දෝංකාර දෙනව...!!! හැබැයි ටිකෙන් ටික ඒ සද්ද පැහැදිලි වෙනව.... කැරකිල්ලත් එක්කම ටික වෙලාවකින් මට ඇහෙන සද්ද හොඳට පැහැදිලි උනා.. අඩි සද්ද කටහඬවල් මට ඇහෙන්න ගත්තා...........
"දැන් කොහොමද ඩොක්ට මෙයාට..?? "
"අදවත් සිහිය ආවොත් හොඳයි...!!! අදට දවස් පහක් වෙනව මෙයාට සිහිය නැතුව... පොඩි පොඩි බෝම්බ මූනිස්සම් තිස් හයක් මූණෙම.... ඇස්වලට සෑහෙන්න ඩැමේජ්...!! පෙනීම ගැන තාම කියන්න බෑ.... ඔලුවට වැදුන තද පාරක් හින්ද මෙයා කම්පනේ වෙලා ඉන්නෙ.....!!! "
"ජීවිතේට මොකුත් අවදානමක් නෑ නේද ඩොක්ට...??? "
"රජිත් මොකද මේ...?? ඔයත් ඩොක්ට කෙනෙක් නේද...!! මට වගේම ඔයාටත් මේවා තේරෙනවනෙ.... ඇයි මෙච්චර කලබල වෙලා....?? මේ ළමයා ඔයාගෙ කවුරුහරිද ......??? "
"ඔව් ඩොක්ට. මේ ඉන්නෙ මගෙ හොඳම යාළුව.... මෙයා මෙහෙම ඉන්නැද්දි මට කරන්නෙ කියන්නෙ මොනවද කියල හිතාගන්න බෑ .......!!! "
"යුද්දෙ හැටි මෙහෙම තමයි...!!! මේ ළමයගෙ ජීවිතේ මේ විදිහට හරි බේරුන එක පූරුවෙ කරපු පිනක් වෙන්න ඕනෙ...!! දැන් කලබල නොවී ඉන්න..!! මෙයාට ඉක්මනට සිහිය එයි කියල අපි හිතමු....!! "
පැහැදිලිව ඒ කටහඬ ඇහෙද්දි මට දැනුනෙ පුදුම සතුටක්...!!! ඒ මගෙ පණ රජිත්ගෙ කටහඬ කියල අඳුරගන්න මට මහවෙලාවක් ගියේ නෑ... මට මොකුත්ම පේන්නෙ නැති උනත් මට දැනෙනව රජිත් ඉන්නෙ මං ගාවමයි කියල......!!!! පුළුවන් උපරිම හයිය දාලා මං අත ලාවට උස්සල එහාට මෙහාට කරද්දි මට මොකක්හරි අහු උනා...........
"වි... විමුක්ති උඹට සිහිය ඇවිත්...!!!මගෙ රත්තරං උඹට ආයෙමත් සිහිය ඇවිත්.....!! උඹට මාව ඇහෙනව නේද ...?? "
"ර... රජි.. රජිත්....!! "
"ඔව් දෙයියො කියපන්.... මං ඉන්නව...!!! බයවෙන්න එපා.... මං උඹ ගාවම ඉන්නව.......!!!! "
"ම... මට මොකක්ද උනේ...??? මට මොකුත් පේන්නෙ නෑනෙ...!!! "
ඇයි කියල හිතාගන්න බෑ මට කට අරින්න ගොඩක් අමාරුයි...!!! යන්තං තොල් හොල්ලල කැඩි කැඩී උනත් අමාරුවෙන් හරි මං කතාකරා........