නවාතැන

102 20 53
                                    

ජීවිතේ වෙනදේවල් හිතාගන්න බෑ.... විශේෂෙන් මගෙ ජීවිතේ...!! කවුද හිතුවෙ ලොකූව බේරගන්න ගිහිල්ලා එද්දි මෙහෙම දෙයක් වෙයි කියල...!!!

"ඔය... ආයෙමත් කල්පනාව...!! "


"මට නිකං පිස්සු වගේ රජිත්...!!! මං කැප්ටන් කෙනෙක් කියල උඹට ශුවර්ද ...??? "


"අයියෝ ඔව් බං...!!! දැන් ඕක ගැන හිතන්න එපා.අපිටනෙ ඉතිං ආඩම්බර... මට මැවිල පේනව උඹ අලුත් යුනිෆෝම් එක ගහගෙන ඇවිදන් එන විදිහ..!!! "


"අනේ පලයන් බං...!! අනික් උන් මොනව කියයිද දන්නෑ.... මං මහ දෙයක් කරේනෑනෙ බං.... ඉතිං මෙහෙම දෙයක් භාරගන්නෙ කොහොමද....??? "

"මේක අහපන්....!! උඹ කරේ හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි විමුක්ති...!!! මරු කටට ගිහිල්ලා අයියව මදිවට උන්ගෙනුත් එකෙක් එක්කන් ආපහු යහතින් ආවා කියන්නෙ සෙල්ලමක් නෙවෙයි...!!! මං හිතන්නෙ මට තියා කාටවත් හිතාගන්න බෑ උඹ කොහොමද මේවා කරේ කියල ....!!! "


" උඹ දන්න දේට වඩා තව ගොඩක් දේවල් එහෙදු උනා බං...!!! පස්සෙ කියන්නංකො ඒවා...!!! "


"කැප්ටන්....!! වාහනෙ ලෑස්තියි... අපිට පිටත්වෙන්න පුළුවන් .....!! "


වෙපන් රෝහිත සර්ට භාරදීල එවන්නං කිව්ව වාහනෙ එනකල් මං එළියට වෙලා රජිත් එක්ක කතාකරකර හිටිය.... ඔය අතරෙ අපේ කොල්ලෙක් දුවගෙන ඇවිත් කිව්ව පණිවිඩේ හින්ද මට රජිත්ගෙන් ඈත්වෙන්න උනා......


"ගිහිල්ලා එන්නං....!! වැඩ ඉවර උනහම මං කෝල් එකක් දෙන්නං රජිත් ...!!! "


"හරි.. පරිස්සමෙන් ගිහිල්ලා වරෙන්..!!! "


ආයෙමත් ගමනෙ....මේ වෙද්දි රෑ අටත් පැනල.එහෙන් බඩගිනී...ඒත් ඉවසගෙන හිටියා...!!! ඕක මට පුරුදු නැති දෙයක් නෙවෙයි... ඔහොම ගිහිල්ලා තව පැය භාගයක් වගේ යද්දි මං ආපු වාහනෙ අපේ උන් හිටපු තැනට ආවා....!!! මං වාහනෙන් බැහැල ඇතුලට ගියේ මගෙ උන්ව හොයාගෙන.......

ඇතුලෙ හිටපු දෙන්නෙක්ගෙන් විතර විස්තර ඇහුවහම තමයි මං දැනගත්තෙ මහියා එහෙම කන්න ගිහිල්ලා කියල.... මේකෙ ඉන්න උන් තාම මාව දන්නෙ නැති හින්ද රැව්ල කොණ්ඩෙ වවාගෙන එහෙ මෙහෙ යන මං දිහා උන් බැලුවෙ ටිකක් පුදුමෙන්..........

උතුරු හුළඟ Where stories live. Discover now