සැලැස්ම

88 20 42
                                    


කළුවර හින්ද ලොකූට මාව හරියට පේන්න නැතුව ඇති...!!! ඌ ඉක්මනට නැගිටල කළුවරේ ලාවට පේන මගෙ මූණ දිහා බලාගෙන හිටියෙ හෙන පුදුමෙන්....!!! මගෙ ඇස් අඳුරට හුරුවෙලා තිබ්බ හින්ද මං ඒක හොඳට දැක්කා.....!!!

"මල්ලි ...!!! කෝ...?? කෝ මල්ලි මගෙ මද්දු ...??? කෝ...?? අනේ කියපන් මද්දු හොඳින් නේද ....??? "

මං වෙනස්වෙලා...!!! අවුරුදු ගාණකට කලින් ලොකූ ගෙදරින් එද්දි හිටපු කොල්ලා දැන් ගොඩක් ලොකුවෙලා...!!!පෙනුම කටහඬ හැමදේම වෙනස්වෙලා....!! ඉතිං මගෙ ලොකූ කොහොම මාව අඳුරගන්නද .....???

මං තමයි උඹේ මද්දු කියන්න මට කොච්චර ඕනෙ උනත් මං ඒක ලොකූට කිව්වෙ නෑ....!!! මං ඒක එහෙම නොකිව්වෙ එක හේතුවක් උඩ....!!!!

බැරිවෙලා හරි ආපහු යන අතරමගදි මට මොනවහරි උනොත් ලොකූට තනියම හරි ඉතුරු දුර යන්න ඒ ගිහිල්ල ආයෙමත් ජීවත් වෙන්න හොඳ හයියක් තියෙන බලාපොරොත්තුවක් තියෙන්න ඕනෙ..!!! මං දන්නව මගෙ ලොකූ මාව බලන්න අනිවාර්යෙන්ම දැන් ගෙදර යනව....!!!! ඒකයි මං උගෙ මල්ලි කියන දේ උට නොකිය හිටියෙ .....!!!

"විමුක්ති මල්ලි ගෙදර පරිස්සමෙන් ඉන්නව...!!!! ඌ හින්ද තමයි මං මේ ගමන ආවෙ වික්‍රම අයියෙ...!!! අපි ඉක්මනින් මෙහෙන් පැනගන්න ඕනෙ.... යුද්දෙ මෙහාට එන්න කලින්.....!!! "

"දැන්ම යන්න බෑ...!!!! මුන්ගෙ රහස් ගොඩක් මං හොයාගෙන ඒවා තැනක හැංගුව...!!! ඒවා අපේ උන්ට දෙන්න ඕනෙ හින්දයි මුන්ට බලු වෙවී මෙච්චරකල් හිටියෙ...!!! නැත්තං මේ වෙද්දිත් මං සියදිවි නසාගෙන...!!! "

"කොහෙද ඒවා තියෙන්නෙ .....??? "

"මාව හිරකරල තියෙන බංකරේ පොළොව යට වළලල.....!!! "

"කොහොමද දැන් ඒවා ගන්නෙ...?? "

"දැන් ගන්න බෑ...!! මං ඉන්නෙ විල්ලුගෙ භාරෙ...!!! ඌ අතේ තමයි මං මල්ලිට පණිවිඩේ යැව්වෙ...!! මං දැනන් හිටිය මගෙ එකා දක්ෂය කියල....!!! මගෙ මල්ලි හොඳින් නේද බං...??? ඌ මගෙ පණ....!!! "

"වෙලා නෑ අනවශ්‍ය දේවල්වලට...!!! අදාල දේ විතරක් කියපන්....!!! "

"දැන් මං ආපහු ගියහම විල්ලු ආයෙ මාව බංකරේට දාලා ලොක් කරයි...!!ඊටපස්සෙ මට ඒක ගන්න පුළුවන්..!!! "

උතුරු හුළඟ Where stories live. Discover now