බැමි බිඳීම

354 47 198
                                    

මිනිස්සු පාරෙ පයින් යනව.... වාහනවල යනව.... ඒත් ඒ හැමෝගෙම ඇස්වල තියෙන්නෙ එක දෙයයි... ඒ තමයි බය..!!! සැරින් සැරේට මූණට වැටෙන වාහනවල එළියෙන් මං බැලුවෙ මිනිස්සු දිහා.වැඩට යන මිනිස්සු තමුන්ගෙ ළඟින් යන එකා දිහා උනත් බලන්නෙ සැකෙන් බයෙන්...!! කොටි බය වපුරල තියෙන්නෙ උතුරෙ විතරක් නෙවෙයි ......!!!!

මං කඩේට ගියහම මට ඒක හොඳටම තේරුනා...!! රෑ හින්දයි මං මේ හරියට අලුත් හින්දයි කඩේ හිටපු උන් මං දිහා බැලුවෙ හරියට ත්‍රස්තවාදියෙක් දිහා බලනව වගේ.....

"මොනවද ඕනෙ....??? "

"මේ උයන්න බඩු ටිකක් ගන්න මුදලාලි...!!! "

"මල්ලි කොහෙද ...??? මං මීටකලින් දැකල නෑනෙ මේ පැත්තෙ ඉන්නව..!!! "

කඩේ මුදලාලි ඈත ඉඳල මගෙන් එහෙම ඇහුවෙ මගෙ ඔලුවෙ ඉඳල යටිපතුල් දෙක ගාවටම බලනගමන්.....!!!

"මුදලාලි මාව මෙහෙ දකින්න විදිහක් නෑ..... මොකද මං මෙහෙ කෙනෙක් නෙවෙයි..!! නිවාඩු හමුබුනාට ගෙදර යන්න උනේ නැති හින්ද යාලුවෙක් එක්ක ආමි කෝටස් එකේ නැවතුනා..!! "

"හත්දෙයියනේ..!! මල්ලි ආර්මි එකේද..?? "

"ඔව් මුදලාලි...!! ඇයි එහෙම ගතියක් පේන්නෙ නැද්ද මගෙන්....!!! "


"මට හිතුන සර් හිටන් හිටපු විදිහෙන්ම....!! කියන්න සර් මොනවද ඕනෙ...??? ආර්මි එකේ සර් කෙනෙක් කිව්වනං ඉක්මනට බඩුටික දෙනවනෙ දෙයියනේ.....!!! ඇයි එළියට වෙලා හිටියෙ ....!!! "


"එහෙම ඕනෙ නෑ මුදලාලි....!!! අනික් මිනිස්සුත් එන්නෙ සල්ලිදීල බඩු ගන්නනෙ.... ඒ මැදින් මං පනින එක හරිනෑ....!!! "

මං එද්දි කඩේ ටිකක් සෙනඟ.... ඉතිං මං ටිකක් එහාට වෙලා ඉඳල සෙනඟ අඩු උනාට පස්සෙ තමයි කඩේ ඇතුලට ගියේ.... මං ආර්මි එකේ කියල කිව්ව විතරයි විනාඩි දහයක් යන්න කලින් මං ඉල්ලපු බඩු ටික මට හම්බුනා...!!! කොච්චර එපා දෙන්න හැදුවත් ගත්ත දත් බුරුසුවටයි සබන් වලටයි තව පොඩි පොඩි බඩු කීපෙකටයි සල්ලි ගත්තෙත් නෑ ......

"දැන් යුද්දෙ තත්වෙ කොහොමද සර්...???මං මේ ඇහුවෙ සර් නිවාඩු ආවා කියපු හින්ද ....??? සර් උතුරෙද හිටියෙ..?? "

උතුරු හුළඟ Where stories live. Discover now