අඳුරෙහි දුටු එළිය

106 21 76
                                    


මට මහන්සී...!!! මැරෙන්න තරං මගෙ ඇඟට මහන්සී....!!!! දවල්ට ටිකක් නිදාගත්තත් රෑට මං කිසිම වෙලාවක නිදාගත්තෙ නෑ මේ දවස් විසි හයටම...!!එකම පාරක් නෑවා ඒකත් කපුටො නානව වගේ....!!! දැන් මට රජිත්ගෙ නම්බර් එකයි ගෙදරට යන ඇඩ්‍රස් එකයි කටපාඩම්...!!! මොකද ඇඟට මහන්සි වෙලාවට මං කරේ උගෙ නම්බර් එක පාඩම් කරපු එක.........

කියන්න ආඩම්බරයි LTTE මරු වළලු මැද්දෙන් මේ කොල්ලා අන්තිමට මාවිල්ආරුවලට ආවා...!!! සොරොව්ව පේන සීමාවෙ ගහකට හේත්තු වෙලා මං තනියම හිනා උනේ මං අන්තිමට මගෙ ඉලක්කෙට ආපු හින්ද .......

"ගෙදර යන්න ලෑස්ති වෙයන් ලොකූ...!!!උඹේ මද්දු උඹ ගාවටම ඇවිත් ඉන්නෙ උඹට පුකට පයින් ගහල එක්කන් යන්න....!!! "

මං හිතින් එහෙම කියන ගමන් මහන්සි ඇරියෙ මාවිල්ආරු වලට තාමත් අඳුර ඇවිත් නැති හින්ද.........

මං මාවිල්ආරු වලට ආවෙ පාන්දර එළිය වැටෙන්නත් කලින්...!!! හැංගෙන්න හොඳ තැනක් හම්බුන හින්ද මං බූට් එහෙම ගැලෙව්වා.කකුල් ගන්න දෙයක් නෑ තැම්බිලා...!!! මේස් ගලවද්දි හමත් එක්ක ගැළවෙනව..!! බූට් ගැලෙව්වහම නිකං නිවන් ගියා වගේ ඒ දැනෙන සනීපෙට..!! මං බූට් දෙක ටිකක් වේලෙන්න තියල බෑග් එකේ තිබ්බ මැප් එක අරගෙන මේ හරියෙ තියෙන
භූ විෂමතාව හොඳට ඔලුවට දාගත්ත..!! මොකද දැන් මට ඒක සෑහෙන්න වැදගත්.....!!!!

දවසෙ ඉතුරු හරියම මං කරේ ඔත්තු බලපු එක...!!! රෝහිත සර් සර් ගාව තිබ්බ හොඳම බයිනොකියිලර් එකක් මට දුන්නා.LTTE එකේ උන් මාවිල් ආරු සොරොව්ව අවට උදේ ඉඳලම කැරකෙනව මං හොඳට බලාගෙන.....!!!

"මුං මොකාටද මේ එන්න හදන්නෙ...???මුං ආයෙමත් සැරයක් මේ සොරොව්ව වහන්නවත්ද හදන්නෙ...??? එහෙම වැහුවොත් අසරණ මිනිස්සු දාස් ගාණක් අන්ත අසරණ වෙනව.....!!! "

මං හැංගිලා හිටපු තැන ඉඳගෙන මං මටම හිතින් එහෙම කිව්වෙ ඊටපස්සෙ වෙන්නෙ මොකක්ද කියල මං හොඳටම දන්න හින්ද...!!! මුං මේ සොරොව්ව වැහුවොත් අපේ උන් අනිවාර්යයෙන්ම ඉක්මනින් මෙහාට එනව...!!! ඒහෙම උනොත් මට ලොකූව බේරගන්න තියෙන කාලෙ සෑහෙන්න අඩු වෙනව....!!!!

LTTE එකේ උන් බරටම වැඩ..!! සාමාන්‍ය මිනිස්සුත් එකා දෙන්නා ඈතින් එහෙ මෙහෙ යනව... ඉතිං මාවිල්ආරු වලට කාටත් හොරෙන් අඳුර ගලාගෙන එද්දි මං ලෑස්ති උනා...!!! ආයෙමත් මං අඳුරත් එක්ක ගමන පටන්ගත්ත.......!!!

උතුරු හුළඟ Où les histoires vivent. Découvrez maintenant