සොයුරු පෙම

124 18 154
                                    

අවුරුදු ගාණකට පස්සෙ ආයෙමත් මං ලොකූගෙ තුරුලෙ...!!! මාව නැතිවෙයි කියල බයට වගේ ඌ මාව පුළුවන් තරම් තදේට බදාගෙන මගෙ ඔලුව ඉඹගෙන ඉන්නව.........

"ලොකූ උඹ කාලද ....??? "

"උඹ නැතුව මොන කෑමද බං...!!! "

"කොහොමද මාව හොයාගත්තෙ ලොකූ...??? "

"ඊයෙ මාව බලන්න ගෙදර අය ආපු වෙලාවෙ අම්මා උඹේ මේ පොටෝ එක පෙන්නුව...!!! ඒවෙලාවෙම මං රෝහිතයට කෝල් කරල බැන්න මට උඹ ගැන ඇත්ත නොකිව්වට...!!! පස්සෙ ඌ සම්පූර්ණ විස්තරේ කිව්ව මට.... උඹ මෙහෙ ඇති කියල ඌ තමයි කිව්වෙ..!! "

"රෝහිත සර් තමයි මට උඹව හොයන්න යන්න උදව් කරේ ලොකූ...!!! මමයි රෝහිත සර්ට කිව්වෙ උඹට මොකුත්ම කියන්න එපා කියල.....!!! "

"මං දන්නව...!!! උඹට බය හිතුනෙ නැද්ද මද්දු ඒ විදිහට තනියෙන් මාව හොයාගෙන එන්න....??? "

"මං මැරෙන්න බය නෑ ලොකූ...!! ඒත් උඹ දුක් විඳිනව බලන්න මං බයයි..... උඹේ පණිවිඩේ ජනාධිපතිට දුන්නත් වැඩක්නෑ කියල දන්න හින්දම තමයි මං තනියෙන් ගේමට බැස්සෙ....!!! "

"මාසයක් තිස්සෙ උඹ හරියකට නොකා නොබී කොහොමද මෙච්චර දෙයක් කරේ කියල මට පුදුමයි මද්දු...!! අච්චර යුද්ධ කරපු අපිටත් කොහොමහරි කෑම ටික හම්බුනා.....!!! බලපන් උඹේ හැටි... ඇටගොඩ විතරයි....!!! "

"මහත් වෙනවට මං කැමති නෑ.....!!! මෙහෙම හොඳයි ..... "

"උඹට උත්තරනං තියෙනව ඕනෙ එකකට.... දෙනව දැනගනිං පුක රත්වෙන්න....!!! "

"ලොකූ ....!!! "

"මොකද ඒපාර .....??? "

"ගෙදර ගියහම මං ගැන දැනගත්තෙ මොනවද ....??? "

"හැමදේම .....!! "

"උඹට මාව අප්පිරිය නැද්ද ලොකූ...???මං උඹල වගේ නෙවෙයිනෙ...!!! "

"කෝ.... නැගිටපන් පොඩ්ඩක් ....!! "

ලොකූ මාව නැගිට්ටවල මගෙ මූණෙ ඉඳල යටිපතුල් වෙනකල් දෙතුන්පාරක් හොඳට බැලුව... ඊටපස්සෙ ළඟට ඇවිත් මගෙ ඇස් කන් කට ඇතුල අත් කකුල් ඔක්කොම වෙන වෙනම අතගාලා බැලුවා.......!!!

" ම්ම්ම්.... ඒවා හරි.... අහ් වැදගත්ම එක අමතක උනානෙ.....!!! "

"හුත්....!!! මොකක්ද යකෝ කරන්නෙ ලොකූ.....??? "

උතුරු හුළඟ Hikayelerin yaşadığı yer. Şimdi keşfedin