පළිගැනීම

105 20 50
                                    

පුරුදු විදිහටම උතුරු හුළගෙ රස්නෙත් එක්ක මාවිල් ආරුවට අදත් අඳුර ගලාගෙන ආවා....!!! ලොකූ මාව හම්බෙලා ආයෙත් බංකරේට ගියා.... !!
ඒ ගිහිල්ලා ඌ ආපහු ආවෙ පැයකින් විතර පොලිතින්වලින් ඔතපු සාමාන්‍ය සයිස් පාර්සලේකුත් අරගෙන...!!!!

"අපි යමු මල්ලි...!! එහෙ වැඩ ඔක්කොම ඉවරයි ...!! "

"මුන්ගෙ මේ බංකරේ පුපුරවන්න විදිහක් නැද්ද අයියෙ...??? අපේ උන්ට ලේසියි එතකොට ....!!! "

"මේක මේ වෙලාවෙ පුපුරවන්න ගියොත් අපිට මෙහෙන් පැනගන්න තියෙන චාන්ස් එක ඇහිරෙනව මල්ලි....!!! මේක නෙවෙයි අපේ වෙලාව....!! යමු...!! "

"හරි කමක්නෑ...!!!! මේවගෙ විස්තර හරි අපිගාව තියෙනවනෙ...!!! දැන් එහෙනං යමු.....!!! "

ලොකූ ඇඳගෙන හිටියෙ ඉරිච්ච පරණ කලිසමයි කමිසෙකුයි විතරයි..!!මං ගාව උට දෙන්න කියල වෙන ඇඳුමක් කියන්න දෙයක් තිබ්බෙත් නෑ...!!!ඇඳගෙන ඉන්න එක ඇරෙන්න වෙන ඇඳුම් මං ගෙනාවෙ නෑ ගොඩක් දුර එන්න තිබ්බ හින්ද .......!!!

ලොකූගෙ මග පෙන්වීම යටතෙ අපි ඉක්මනින්ම විල්ලු ට්‍රක් එක නවත්තගෙන හිටපු තැනට ආව.....

"අයියල ආවද ..!!! ඉක්මන් කරන්න අපිට ගොඩක් වෙලා ඉතුරු නෑ.....!!! "

විල්ලු එහෙම කිව්වෙ ලොකු කලබලේකින් හින්ද මං ඌ දිහාට හැරුනෙ සැකෙන්.......

"උඹ අපිට නොකියනදේ මොකක්ද විල්ලු...??? "

මං ගන් එක උට ඒම් කරගෙන එහෙම ඇහුවට ඌ කරේ හිනා උන එක......


"උන් මාව සංවිධානෙට ගන්න ඕනෙ හින්ද මගෙ අම්මා අප්පා තංගච්චි ඔක්කොම මැරුව...!!! ඒවට උන්ට දඬුවම් හම්බෙන්න ඕනෙ අයියා...!!! අර නඩේෂ් කියන එකාගෙ ඕක්කොම උන් මගේ මේ අත්වලින්ම මැරෙන්න ඕනෙ....!!! "

"උඹ බංකරේ බෝම්බ ඇටෙව්ව...!!! මං හරිද විල්ලු.....??? "

"ටයිම් බෝම්බස්...!!! තව පැය තුනකින් උන් ඔක්කොම ඉවරයි ......!!! "

ඌ එහෙම කියද්දි මට තේරුනේ එක දෙයයි ඒ තමයි වැරැද්ද තියෙන්නෙ මිනිස්සු හිතන විදිහෙ විතරයි කියන එක...!!! ඇත්තටම කිව්වොත් කලින් මං ද්‍රවිඩ මිනිස්සුන්ට වෛර කරා...!!! ඒත් විල්ලු හින්ද අද මං තේරුම්ගත්ත මං සම්පූර්ණයෙන්ම වැරදී කියන එක...!!!


උතුරු හුළඟ Where stories live. Discover now