නොසිතූ නිමේෂයක

81 18 129
                                    

අද දෙදාස් හයේ අගෝස්තු නමය...!!!අපේ ටීම් එක මාවිල්ආරු වලට ඇවිත් අදට දවස් දහනමයක්....!!! සමහර බංකර්වලට අපි හතරදෙනා තනියෙන් ගැහුව තවත් සමහර ඒවට ගහන්න මාරුවෙන් මාරුවට අපේ අනික් ෆෝ මෑන් ටීම්වල උන්ගෙ උදව් අපිට හම්බුනා....!!! අහම්බෙන් උනත් අදත් එහෙම දවසක්......!!!!

මේවෙද්දි අපේ සන්නිවේදනය අවුල්වෙලා කියන එක ප්‍රධාන කෑම්ප් එකෙන් බ්‍රාවො ටීම් එකට දැනුම්දීල තිබ්බ..... අන්තිම ටාගට් එක විදිහට තිබ්බෙ මං ලොකූව හොයාගෙන යද්දි හම්බුන අවි ගබඩාව....!!! ඒක ඉවර කරන්න භාරවෙලා තිබ්බෙ ඇල්ෆා 2 අපිටයි බ්‍රාවො ටීම් එකටයි.......

" විමුවා අපි කොහොමද බ්‍රාවො ටීම් එක හොයාගන්නෙ...??? අපිට උන්ගෙ කෝඩිනේට් එකවත් ගන්න විදිහක් නෑනෙ ....!! "

" කෝඩිනේට් ඕන්නෑ සාගර.උන් ඉන්න ඕනෙ මේ ළඟමයි...!!! මං හිතන්නෙ SF එකේ බ්‍රාවොල තමයි අපි ඉන්න පැත්තට එන්න හිටියෙ.....!!! "

නලියයි මහියයි මුරට ඉන්න අතරෙ මායි සාගරයි ටිකක් විවේක ගත්ත......

" සටස්...!!! "

" කවුරුහරි එනව...!!! කවර් වෙමු...!!! වෙපන් රෙඩි කරගනිල්ලා....!!! "

අපිට එකපාරටම ඇහුනෙ කැලේ ඇතුලෙන් කෝටු කැඩෙන සද්දයක්...!!! ඒහින්ද අපි ක්ෂණිකව වෙපන් අරගෙන ගස්වලට කවර් උනා..... හිතුව වගේම ටිකකින් අපි හිටපු තැනට සෙට් එකක් ආවා.... කරුවල හින්ද ආවෙ අපේ උන්ද කොටිද කියලවත් හිතාගන්න බෑ....!!! අපි කරේ පුළුවන්තරං සද්ද නැතුව හිටපු එක........

"කවුරුහරි මෙතන ඉඳල තියෙනව...!!! අපි එනව දැනිල පැනල ගිහිල්ලා වගේ...!!! බිම තාම රස්නෙයි...!!! "

" අපේ උන්ද කොහෙද බං ඉඳල තියෙන්නෙ මේ බලපන්කො බොට්ල් එක...!!! "

ආපු උන්ගෙ කතාව එහෙම ඇහෙද්දි තමයි යන්තං නිදහසේ හුස්මක් පාතට දැම්මෙ....!!! ඒත් කෝකටත් කියල අපි හිමීට උන්ට ළංඋනා...!!! හිටියෙ අපේ උන් තමයි ....

"හතරදෙනාම ඉන්න තැනම හිටපියව් නැත්තං ඔලු කුඩුවෙන්න තියනව...!!! "

" කැරි පක්කු...!!! ගැස්සුනා හුත්තො..!! "

" ගහපන් ටොපා...!! උඹල ඔතන බෝතල් අරගෙන බිංකුණ්ඩො හාරද්දි කොටි ඇවිල්ල උඩ තියල ගහයි...!!! "

උතුරු හුළඟ Where stories live. Discover now