සුදු ඉදිඅාප්පයි ..මිරිසය උයපු තලපල් මාලුයි ,කිරට හදපු පරිප්පුයි, පොල් සම්බොලයි බිත්තර හොද්දක් තියෙනවා ..මේදැන් බාපු උණුම උණු රොස් පාන් තියෙනවා ..තාත්තටයි පුතාටයි රන්ඩු නොවි කන්න පුලුවන් ....
අාල්ය පුතේ කන්න දරැවෝ ....
අම්මා මට ටොක්කක් අැනලා අාල්ලගේ ඔලුව අත ගාද්දි මම තාත්තගේ උරහිසේ ඔලුව ගහගන්නකොය තාත්තා පරිප්පුයි මාලුයි පොල්සම්බොලයි දාපු ඉදිඅප්පයක් මගේ කටට ලන් කරා ...
රසයි යකු .....මම ඉතින් වැඩිය ගෙදර නැනේ ඉන්න දවසට රජ සැලකිලි ...
දැන් ලබන සතියේ යනවා නේ ....බලන්නකෝ සුදු නෝනා මේ බුරැ පැටියා එයාපොට් යන්නේ හිගන්නෙක් වගේ ..සයිඩ් බැග් එකක් විතරයි ...රට යන්නේ කඩේ යනවා වගේ ...
තාත්තා තව ඉදිඅප්පයක් කටේ ඔබලා මගේ කරවටේ අත දාන් අම්මට කියද්දි මට බකස් ගාලා හිනා ගියා ..
අැත්ත හැබැයි මම වැඩිපුර යන්නේ එකම රටවල් ටිකකට ..ඔනි රටකට යන්න පුලුවන් පාස් එකක් ඉන්ටනැශනල් විසා එකක් තියෙන නිසා සින්ගප්පු ,අැමෙරිකා , චයිනා , ගිුක් , ඉතාලි, තායිලන්ඩ් , ඊජිප්ට් , ඔස්ටේලියා ,නිව්සිලන්ඩ් වල මට එපාට්මන්ට් තියෙනවා ...අැදුම් නම් ඔල්රෙඩි තියෙනවා ..උයන බඩු වලන් පිගන් ගෙදර ෆනිචර්ස් ඔක්කොම ...යනකොට මට වාහනයක් තියෙනවා ඉන්ටනැශනල් ලයිසන් එකත් තියෙනවා ....ඉතින් අැදුම් ගෙනියන්නෙම නැ ..ලැප් එකයි පාස්පොට් එකයි සල්ලියි බැන්ක් කාර්ඩ් ඔවා විතරයි ගෙනියන්නේ ...
කොල්ලට පාඩුවේ ඉන්න දෙන්න අනේ ...ගෙදර අැවිත් ඉන්නෙත් කොච්චර පොඩි වෙලාවක්ද ....
කන්න මැණික තාත්තගේ විකාර කතා අහන් නැතුව ...
අම්මා මගේ අතට වතුර එකක් දිලා නලලට හාදුවක් දෙනකොට අාල්ය තොල් හපන් වෙවුලන අත් වලින් ඉදිඅප්පයක් අත ගගා ඉන්නකොට මම උෟගේ අතට වැලමිටෙන් අැන්නාවිතරයි මේකා කලබල වෙලා නැගිටිටේ වතුර එකත් පෙරලන් ..වතුර විදුරැව බිදිලා ගියා විතරයි අාල්ය කලබලෙන් කැඩිච්ච විදුරැ කැලි අහුලන්න යනකොට අම්මා අාල්යය නැවැත්තුවා ...
YOU ARE READING
BELLA (බෙලා)🔞21+
Vampireඅපේ ගණුදෙනුව හාදුවකින් අහවර වෙන එකක් නෙමේ සදාකාලයකට අැදෙන ශෘන්ගාරයක් .........