ඊලඟ දවස
" අඩෝ පොල්බූරුවො නැගිටහන් 6:30ත් වෙලා "
"තව ටිකක් නිදාගන්න දෙන්නකො අම්මෙ "
"අනේ පගෝ නැගිටහන්කො අම්මා බනිනෝ යකො අපිට "
"ඇ අම්මා අම්මට බනින්නෙ කොහොමද"
" නැගිටහන් වවුලො "
"තරු තාම මේකි නැගිට්ටෙ නැත්ද"
"නෑනෙ බන් "
"හිටහන් වතුර එක්ක ගහන්න "
" දැන්ම එපා යකො අපෙ ඇඳ ඉවර වෙයි"
" එහෙනම් ඕකිව බිමට දාහන් මන් වතුර දාන්න "
අක්කයි නංගියි එකතු වෙලා නින්දෙන් දොඩවන ආදිව බිමදාලා වතුර බාල්දියක් හැලුවා
" මෙන්නො වහිනෝ මාව ගගේ ගිලෙනෝ මාව මැරෙනෝ බේරගන්නො බුදුඅම්මෝ....😱 !!! "
"යකො කෑගහන එක නවත්තහන්"
" අනේ දෙයියනේ තොපි දෙන්නත් මන් එක්ක ගගේ ගිලුනද "
"හරි සිහියට වරෙන් උදේ 6:30 වෙනකන් හොදට නිදියගෙන දැන් ට්‍රැක් පැනලා කියවනෝ "
"ඇයි කෑගහන්නෙ මොකක්ද කේස් එක"
"ඉක්මනට ලෑස්ති වෙයන් 6:30 වෙලාව "
"ආ එච්චරද මන් තව විනාඩි දහයකින් ලෑස්ති වෙන්නම් "
තෙමිච්ච කිකිළි වගේ ඉන්න ආදි ආයෙ අනිත් පැත්තට ඇඳේ නිදියන්න කලින් දිනු එයාව ඇදලා ගත්තා
"අඩො කෙබරො මේ අහපන් අම්මා බනිනෝ බන් අපි දෙන්නට සංජනා මිස් අරෙහෙ කෑගහනවලු අපිව අහලා අද දවසෙ කරන්න තියෙන ඩ්‍රාමා එකේ අන්තිම රිහසල් එක කරන්න අද උදේ 7 වෙනකොට ඉස්කෝලෙ එන්න කියලා "
"ඕක ඊයෙ කිව්වෙ නැහැනෙ "
"කිව්වා යකො අපිට ඇහිලා නැහැ සනුගිලා ගිහින් "
"අඩෝ පජාත සෙට් එකක්නෙ උන්ලා අපිට කිව්වනම් මොකද වෙන්නෙ "
"තරු...!! තුන්දෙනා ලෑස්ති වෙලා ඉවරද ආ....!!"
"අප්පට මිරිස් කිව්වලු නැන්දගෙ සද්දෙ "
"ලෑස්ති වෙලා ඉන්නෙ අම්මෙ මන් මේ කොණ්ඩෙ පීරනො !! "
YOU ARE READING
සෙවනැල්ල || GL ||
Fanfictionතමන් ආදරේ කරන කෙනා තමාටම නොදැනී තමන්ගෙන් වෙන් වෙන්වෙයි කියා සිතුවත්.... ඔවුනුත් ඔබවම පැතුවොත් කුමක් වේවීද ❤.... එය කෙසේ වේවිද යන්න මෙම කතාංගයෙන් නරඹන්න....