ඊලඟ දවසෙ
"අචිස් හචිස් අචෝ....ස්! කොහ් කොහ් අනේ අම්මේ...."
තරුකිගෙයි දිනුකිගෙයි නින්ද කැඩුනෙ උදේන්ම ඇහෙන කුකුළගෙ සද්දෙටනම් නෙවේ ඊට හපන් කිකිළියක් වන ආදිගෙ සද්දෙට
" තරූ මොකො කහින්නෙ "
"මන් නෙවේ බන් ආදිද කොහෙද "
"මන් තමයි යකුනෙ මට හෙම්බිරිස්සාව හැදිලා "
"හැදෙන්නෙ නැතුව ඉදීද ඊයෙ වැස්සෙ තෙමුනනෙ "
"මන් විතරක් නෙවේ උබලා දෙන්නත් තෙමුනනේ ඒත් ඔය යසට ඉන්නෙ "
"ඔය පොඩි පොදකට අපිට ලෙඩ හැදෙන්නෙ නෑ දරුවා "
"අනේ මට මොනවහරි දීපියකෝ හුස්ම ගන්න බෑ "
"ඔහොම ඉන්න බලන්න තරු වෙලාව කීයද"
" 5යි "
"හරි ශෝක් උබ කුකුලා වගේ හරියටම කෑ ගැහුවා "
"බෙහෙත් දීපියකො "
"ඉන්න මේ විටමින් C බොන්න "
"යකුනේ මට එව්වා බොන්න බෑ කියලා කොච්චර බොලට කිව්වත් මතක හිටින්නැත්ද "
"හි සොරි සොරි මේ තරූ පහලට ගිහින් උණු වතුර එකක් අරන් වරෙම් මේකිට හුමාලේ අල්ලන්න "
"අරන් එන්නම් පස්පංගුවත් ඕනද "
"අ අරන් වරෙන් "
විනාඩි 20 ක් යනකන් තරූ පස්පන්ගුව හදද්දි දිනුකි කාමරේට වෙලා ඔලුවට අත තියන් ඇදේ වාඩි වෙලා හිටියෙ ආදිගෙ කන්දොස්ගිරියාව අහන් ඉන්න බැරුව
" දිනූ දොර අරින්න මේක රස්නෙයි "
" ඉන්න ඉන්න "
තරූ උණු වතුර එකකුයි පස්පංගුව ගෙනාවා
" කොහොමද හැදුවේ "
"ඕකි හදන්න දන්නැහැ නැන්දා ඉන්න ඇති කුස්සියෙ "
"අම්මා ඇහැරලාද "
"අපේ සද්දෙට ඇහැරිලා "
"කමක් නෑ ඕක ඉක්මනට අරන් එන්න මේකිට දුම අල්ලන්න දෙන්න "
දිනූ හෙමින් සැරේ උණු වතුර කප් එක අරගෙන මේසේ උඩ තියලා ආදිව එක්කන් ඇවිත් වාඩි කරවලා දුම ඇල්ලුවා
YOU ARE READING
සෙවනැල්ල || GL ||
Fanfictionතමන් ආදරේ කරන කෙනා තමාටම නොදැනී තමන්ගෙන් වෙන් වෙන්වෙයි කියා සිතුවත්.... ඔවුනුත් ඔබවම පැතුවොත් කුමක් වේවීද ❤.... එය කෙසේ වේවිද යන්න මෙම කතාංගයෙන් නරඹන්න....