සෙනසුරාදා දවස උදෑසන
" කෞශියෝ අම්මා කතා කරනෝ...."
චනුමි කෙල්ලො දෙන්න ඉන්න කාමරේ දොරට සද්දෙන් පාරක් ගැහුවා
"දොර කඩන්නද බන් යන්නෙ ඉන්නවා එන්නම් "
" මේ අම්මා කියනෝ සසින්දිව එක්කගෙන ඇවිදින්න යන්නලු "
"කොහෙද ඉතින් අපි යන්නෙ "
"පාර්ක් යන් "
" බෑ බන් කම්මැලියි"
"එහෙනම් Movie එකක් බලන්න යන් "
"කාගෙ එකක්ද "
"වෙන කාගෙද සහෝ One and Only Our favorite Thalapathy Vijay Movie G.o.a.t බලන්න තමා "
"ඒක මරු යමන් බලන්න "
"සසින්දි එයිද "
"මන් අහන්නම් කෙල්ල තාම නිදි "
"හරි ශෝක් යාලුවො දෙන්නම එකයි ආ මේ පහල සංජනා අක්කා ඇවිත් ඉන්නවා "
"දෙයියනෙ එයාව අවුරුදු 2 කින් විතර දැක්කෙ නැහැ ඉන්න ඉක්මනට එන්නම්"
කෞශල්‍යා චනුමිගෙ මූණටම දොර වහලා ඇතුලට දිව්වෙ වොශ් දාගෙන සංජනාව හම්බෙන්න
"කොහෙද බන් දුවන්නෙ "
"සංජනා අක්කා ඇවිත් "
"අර මන් වෙනුවෙන් අයින් වුන කෙනාද "
"අනේ මටත් එයාව හම්බෙන්න ඕනේ මන් නිසා එයාට තැන නැතිවෙච්ච එකට ගොඩක් දුකයි "
" දුක් වෙන්න එපා ඉක්මනට ලෑස්ති වෙයන්"
කෙල්ලො දෙන්නා කාමරේ පුරා එහෙට මෙහෙට ඇවිද ඇවිද ඇදුම් හොයන් ඇදගෙන පහලට ආවා
" ඇති නැන්දෙ බඩ ගොඩක් පිරුනා "
" තව කන්න ලමයො බලන්න කෙට්ටු වෙලා "
"ඒ මෙයාගෙ හැටි අම්මෙ අක්කා කෙට්ටුම තමයි "
"කොහොමද නංගි "
"හොදයි අක්කෙ ඔයාට කොහොමද "
"ඇත්‍තටම ඒ ඉස්කෝලෙ ගිය එකට දුක වුනත් කෙල්ලො රොත්තක් එක්ක ඉන්නවට වඩා කෙල්ලො කොල්ලො දෙගොල්ලොත් එක්කම ඉන්නකොට ඒ දැනෙන පීඩනේ හෝ විනෝදේ මට මේ ඉස්කෝලෙන් ගියයි පස්සෙ තේරුනේ "
YOU ARE READING
සෙවනැල්ල || GL ||
Fanfictionතමන් ආදරේ කරන කෙනා තමාටම නොදැනී තමන්ගෙන් වෙන් වෙන්වෙයි කියා සිතුවත්.... ඔවුනුත් ඔබවම පැතුවොත් කුමක් වේවීද ❤.... එය කෙසේ වේවිද යන්න මෙම කතාංගයෙන් නරඹන්න....