8 වන කොටස

56 9 9
                                    

ඊලඟ දවසෙ උදෑසන

තුන්දෙනා උදෙන් ඇහැරිලා ලෑස්ති වෙලා ඉස්කෝලෙ ගියා

" ආ නෝනාවරුනී.....ඔයාලගෙ වීරයා ආවා "

" මේන් ඝාංටාරේ ආවා...."

"මෙ නංගි මට ඝාංගාරෙ කියන්නෙපා හරිද "

"ඇයි මොකෝ ගහන්නද "

"ගහයි කියලා තමා බය "

"ගහනෝ තමා "

"ගහන්නම ඕනෙනම් අද තියෙන Exam එකේ හරි උත්තරයට යටින් ඉරි ගහනවා "

"මොකක්..!!" කෙල්ලො තුන්දෙනාම පුදුම වෙද්දි exam එකක් කියලා කිව්ව ලමයා හිනාවෙනවා ඇරෙන්න අනිත් එක්කෙනෙක්වත් හිනා වුනේ නැහැ

" විහිලුද බොට "

"ඔව් ඇයි "

"ඔහොම කැත විහිලු කරන්න එපා සේමින්දි"

"ඇයි බය වුනාද "

"කවුද බය වෙන්නෙ ආ "

"බය නැත්තන් ලබන සතියෙ තියෙන Exam එකෙන් ලකුණු 100ම අරන් පෙන්නනවා"

" මේ හලෝ උබ කොමස් කරන එකෙක් මේ ආර්ට් කරන පන්තියක් පාත්තයෙක් ඇවිත් වලස්සු ඉන්න තැන්වල බිත්තර දැන්මොත් එක්කො ඒ බිත්තර පොඩි වෙයි නැත්තම් නරක් වෙයි ඒක දැනගන්න "

"ඕක අත් හරින්න ආදි අපි යමු පන්තියට මිසුත් එනවා ඇති "

තුන්දෙනා පන්තිය ඇතුලට ගියා ටික වෙලාවකින් සසින්දි මිස් ආවා ඒත් බය වෙලා වගේ

"මේ ඇයි බන් මිස් බය වෙලා වගේ "

" කවුද බන් දන්නෙ ආවම බලමු "

මිස් පන්තිය ඇතුලට ඇවිත් වාඩි වුනා

" good Morning ලමයි මට පොඩි දෙයක් කියන්න තියෙනවා "

"මොකක්ද මිස් "

" ඔයාලට English කරන දසුන් සර්ට හදිස්සි අනතුරක් වෙලා එයාට දැන් එන්න විදිහක් නැහැ ඒ නිසා අද අලුත් සර් කෙනෙක්ව දාලා තියෙනවා උගන්වන්න පොඩ්ඩක් විනීතව හැසිරෙන්න හොදද එයාට කේන්ති ගියත් එකට එක කියන්න එපා "

" ඒ බන් මොකද මේ මිස් හරියට අපිට උපදෙස් දෙන්නෙ මිනීමරුවෙක් එනවා එයාව සෙල්ලමකට ගන්න එපා වගේ දේකටනෙ "

සෙවනැල්ල || GL ||Where stories live. Discover now