16 වන කොටස

72 11 21
                                    

පේරාදෙණිය නරඹන්න පැය හතරක කාලයක් ගත වෙද්දි ඒ පැය 4 දිම ආදියි එයාගෙ යාලුවො සෙට් එකයි සසින්දි මිස් සහ කෞශල්‍යා මිස් ඉන්න තැන් වල වැඩිය ගැවසුනේ නැහැ මේක දැක්ක සසින්දිට දුක හිතුනෙ එයා ආදිට එහෙම බැන්නෙ එයාගෙම ආරක්ශාවට කියලා එයාට කියන්න තිබ්බනම් කියලා හිත හිත

"කෞශි මට මාර අවුල් බන් ආදි මන් එක්ක කතා කරන්නෙ නැති එක "

"අවුල් ගන්න එපා ඉස්කෝලෙදි කතා කරයි "

"එයා මන් දිහා බලන්නෙවත් නැහැ මන් හිතන්නෙ නැහැ මන් එක්ක කතා කරයි කියලා "

"කෙල්ලට උබ බැන්න එක එකපාර හිතා ගන්න බැරුව ඇති බලමුකො ඉස්කෝලෙදි කතා කරයි"

සසින්දියි කෞශල්‍යා පුටුවක ඉදගෙන කතා කර කර ඉද්දි පැත්තට වෙලා දුකෙන් ඉන්න ආදිව දැක්ක සම්මානි ඇයගෙ ලගට ගිහින් වාඩි වුනා

" දුකෙන්ද ඉන්නෙ "

"මොකක් මොකටද "

"උදේ වෙච්ච දේට "

"එහෙම නෑ "

"ආදි මේ අහන්නකො ඔයා දුක් වෙන්න එපා ඔයා කරපු දේ හරි මන් දැක්කනෙ වෙච්ච දේ අනික සාක්ශිත් තියෙනවා "

"දැන් ඒ සාක්ශි වැඩක් නැහැ සම්මානි "

"ඇයි  "

"මිස්ට මන් එයාව ආරක්ශා කරන එක වදයක් වගේනම් මන් ආයෙ එයාගෙ පස්සෙන් යන්නෙ නැහැ "

"ඒත් ඔයාට මිස් ගැන හැගීමක් තියෙනවා නේද "

"මොකක් !!එහෙම නැහැ"

"බොරු කියන්නෙපා ආදි මන් ඔයාගෙ ඇස් දෙකෙන් දැක්කා මගෙ අයියා එයාගෙ වයිෆ් දිහා බලන විදිහටමයි ඔයා මිස් දිහා බලන්නෙ "

"ඒක හැගීමක්ම නෙවෙයි සම්මානි නිකන් මිස්ගෙ ලස්සනට මන් ආකර්ශනේ වුනා එච්චරයි "

" ඔයාගෙ හිතේ තියෙන ඕන දෙයක් මට කියන්න "

"මේ මොකෝ අද රන්ඩු කරන්නෙ නැත්ද මන් එක්ක හොදට කතා කරන්නෙ "

"තමන්ගෙ හිතේ කෙනෙක් වෙනුවෙන් දෙයක් තිබ්බත් ඒක කියා ගන්න බැරුව කල් යද්දි ඒක කොච්චර දුක් හිතෙන දෙයක්ද කියලා මන් තේරුන් අරන් තියෙන නිසා "

සෙවනැල්ල || GL ||Where stories live. Discover now