After 2 days
.
.
.
සඳුදා දවස
.
.සිකුරාදා සංජනා මිස් කිව්ව විදිහට අද තමයි අලුත් මිස් එන්නෙ කීයටද දන්නෙ නැහැ එන්නෙ දකිනකන් ඉවසිල්ලක් නැහැ අනේ මන්දා මෙහෙම ඉවසිල්ලක් නැති කමක් මට මිස් කෙනෙක් වෙනුවෙන් මීට කලින් තිබ්බෙම නැහැ මෙයා විශේෂද මන්දා කවුද අප්පා දන්නෙ
" ආ නංගී මොකෝ මේ උදෙන් ඇවිත් "
" අලුත් මිස් එනවනේ ඒ නිසා පොඩ්ඩක් වේලස්සනින් ආවා "
"මිස්ගෙ හිත දිනාගන්න වගේ කෙල්ලගෙ ලෑස්තිය "
" වෙන වැඩ නෑනේ "
"නෑ තමා කෝ අනිත් ඉරටු දෙක"
"මන් එක්කම ආවා කොහෙ හරි යන්නැති "
" මොකෝ අපි දෙන්නට ඉරටු කියන්නෙ ආ හොම්බට හැටක් තලා ගන්න ආසද "
"හරි ආසයි ගහනවද"
"ලගට එන්නකො ගහන්න "
සනුගියි තරුයි දිනුයිගෙ රණ්ඩුව පටන් ගත්ත ගමන් ආදි එතනින් ආඳා වගේ ලිස්සලා ගියේ උදේන්ම ෆ්‍රිෆෙට් කෙනෙක්ගෙන් මිස් එන දවසෙම බැනුම් අහන්න හිත දුන්නැති නිසා
"අඩෝ කොහෙද උබ ඔය යන්නෙ "
"Office එකට උබලත් වරකො Office එකට යන්න "
" ඒ මොකද මිස්ව කැන්දන් එන්නද "
"එහෙම නෑ නිකන් වටයක් ගහලා එමු"
"උබේ ඔය බැල්මනම් අල්ලන්නෙ නෑ කෙල්ලෙ අදත් මිස් කෙනෙක්ගෙන් බැනුම් අස්සවන්නද හදන්නෙ "
" මන් එහෙම කරන්නැහැ මන් ගැන දන්නැත්ද "
"හොදටම දන්න නිසා තමා අහන්නෙ "
" යන්කෝ....."
"යමන් යමන් බෑග් ටික තියලා යමන්ලා"
හතර දෙනා බෑග් ටික මේසේ උඩ තියලා class එකෙන් පිටව ගියා ආදිනම් Office එකට යන්න තියෙන පාරෙ තිබ්බ නෙල්ලි ගහට ඉන්න නොදී ගෙඩිත් කඩන් දූවිලිත් ගාගෙන තමයි ගියේ
" අයියෝ බන් උබ අදත් ඕක සවුත්තු කරගත්තද "
"හි හි දැක්කෙ නෑනේ "
"නෙල්ලි කන්න ඔහොම කැන්ගරුවෙක් වගේ පනින්න ඕනද ආ කවුරු හරි මිස් කෙනෙක් හරි සර් කෙනෙක් හරි දැක්කනම් බැනුම් අහලා රෙදි ලෙෆ්ට් වෙනෝනේ "
YOU ARE READING
සෙවනැල්ල || GL ||
Fanfictionතමන් ආදරේ කරන කෙනා තමාටම නොදැනී තමන්ගෙන් වෙන් වෙන්වෙයි කියා සිතුවත්.... ඔවුනුත් ඔබවම පැතුවොත් කුමක් වේවීද ❤.... එය කෙසේ වේවිද යන්න මෙම කතාංගයෙන් නරඹන්න....