ඊලඟ දවසෙ උදේ නම් ඊයෙට වඩා ටිකක් ඇඟේ අමාරුව අඩු වෙලා කියලා කෙල්ලට තේරුනා
" ආ උබ ඇහැරුනාද "
" ඉස්කෝලෙ යනවද "
"නෑ මේ නටනො ඉස්කෝලෙ තමයි සුදා යන්නෙ "
"වෙලාව කීයද "
"6 : 20 දෙන්නා පරක්කුයි ඉක්මනට මේ ලෑස්ති වෙන ගමන් උබ සද්දෙට නේ ඇහැරුනේ "
"නෑ නෑ "
" නැත්‍නම් ආයෙ නිදාගනින් අපි යන්න ඕන අම්මා කිව්වා උදේට තේකක් බීලා බිස්කට් කාලා බෙහෙත් බොන්න කියලා අම්මා තේ දෙයි මන් බෙහෙත් ටික තෝරලා තිබ්බා බීපන් හොදේ "
"බොන්නම් පරිස්සමට යන්න දෙන්නා "
"හරි මචන් අපි ගියා අප්පා ටොමියො උබත් ආවද අක්කව බලන්න ආ බලන්න බලන්න වද දෙන්න එපා අපි ගියා "
කෙල්ලො දෙන්නා කාමරෙන් පිටව ගියා ටොමියා ඉතුරු වුනා
"ආ ටොමියො උබවත් ඉන්න එක ලොකු දෙයක් බන් මේ ගෙදර තනියෙන් ඉන්න බෑ "
ටොමියා ආදිගේ මූණ දිහා බලලා මූණ ලෙව කන්න ඇඟේ නැග්ගා
" නෑ නෑ ලෙවකන්න එපා උබටත් උණ හැදෙයි"
Twinsලා පිටවෙලා විනාඩි 10කින් චතුරි තේකයි බිස්කට් අරන් ආවා ඔෆිස් යන්න බලාගෙන
"මේක කාලා බීලා බෙහෙත් බොන්න හොදද මන් කැඳ එකකුත් හැදුවා ඒකත් බොන්න අනිතා ආන්ටිගෙ පොඩි දුව එයි ඔයාව බලාගන්න හරිද "
"අනේ මන් පොඩි එකෙක් නෙවේනේ මාව බලන්න කාව හරි තියන්න තරම් "
" පොඩි නැහැ ඒත් මොනවා හරි ඕන වුනොත් කොහොමද ගන්නෙ ආ කන බොන දේවල් පහල තියෙන්නෙ අනික මමයි මාමයි ගියහම ගෙදර ඉන්නෙ ටොමී විතරයි "
" කමක් නෑ මන් ටොමියා එක්ක ඉන්නම්"
"මේ පිස්සු කෙලින්න එපා මන් ඒ දුවට මෙහෙට එන්න කියලා තියෙන්නෙ තව ටිකකින් එයි "
" ඒ අක්කා මොකද කරන්නෙ "
" course එකක් කරා ඒකේ Exam එකත් කරා results එනකන් ඉන්නෙ "
"ආ එහෙමද "
"එහෙම තමා කෙල්ලො දෙන්නා බෙහෙත් දෙන්න ඇතිනෙ අර ලමයා ආවහම එයාව හඳුන්වලා දීලා මන් යනවා ආ තව මන් රිපෝට් එක අද ඩොක්ටර්ට ගිහින් පෙන්නලා විස්තර අහන් එන්නම් "
YOU ARE READING
සෙවනැල්ල || GL ||
Fanfictionතමන් ආදරේ කරන කෙනා තමාටම නොදැනී තමන්ගෙන් වෙන් වෙන්වෙයි කියා සිතුවත්.... ඔවුනුත් ඔබවම පැතුවොත් කුමක් වේවීද ❤.... එය කෙසේ වේවිද යන්න මෙම කතාංගයෙන් නරඹන්න....