11 වන කොටස

70 10 17
                                    

ඉරිදා දවසෙ නම් සෙට් එකට සෙට් වෙන්න හම්බුනේ නැහැ මොකද කෙල්ලො තුන්දෙනාට දවසෙම පන්ති දවල් වෙනකන් කෞශල්‍යා ගෙදර හිටිය සංජනත් පිටව ගියේ හෙට ඉස්කෝලෙ යන්න ඕන නිසා රෑ 7 වගේ වෙද්දි සසින්දිත් පිටව ගියේ ඇයටත් ඉස්කෝලෙ යන්න ඕන නිසා කෙල්ලො තුන්දෙනා රෑ 8 විතර පන්ති ඉවර වෙලා ඇවිත් කාලා බීලා නිදියගත්තා

.
.
.
.
.
.
සඳුදා උදෑසන

තුන්දෙනාම ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙලා පහලට දුවන් ආවා

" අම්මේ කෑම බෙදුවද "

"ඔව් කාලා යන්න "

" හරේ "

" ආ මේ ආදි ඔයාලගෙ අම්මට කියන්න ඔයාලට මේ ලගින් ගෙයක් හම්බුනා කියලා "

"වාව් මරුනෙ කොහෙද කාගෙද "

"අල්ලපු ගෙදර "

"මොකක්...! "

කෙල්ලො තුන්දෙනාම මේසෙන් නැගිට්ටා

" චනුමි අක්කලගෙ ගෙදරද "

"ඔව් ඇයි "

"එයාලා ගෙදර නැත්ද "

" එයාලා ඊයෙ කුලියට දුන්නා "

"මොකක් අපි තුන්දෙනා හිටිය නැති දවසෙම ඇයි එහෙම කරේ එයාලා දැන් කොහෙද "

"අනිතා අක්කනම් කිව්වෙ කෞශල්‍යාගෙ තාත්තාගෙ ඉඩමක් තිබ්බලු බේරුවල ඒක විකුණලා ඒ සල්ලි වලින් වෙන පැත්තක ගෙයක් අරන් "

"ඇයි ඒ එයාලා එහෙම ගියේ "

"කවුද දන්නෙ "

" මේ බන් යමන් ඉස්කෝලෙට මට කෞශල්‍යා අක්කගෙන් අහන්න ඕනෙ විස්තර "

"ඔව්ව් යමන් "

කෙල්ලො තුන්දෙනා ජෑම් ගාලා තියෙන පාන් ටික අතට අරන් කෑම ටික බෑග් එකට දාගෙන ගෙදරින් ඉක්මනට එලියට ගිහින් බස් එකක නැගලා ඉස්කෝලෙ ගියා

ඉස්කෝලෙට ආව ගනන් තුන්දෙනා ගියේ Teachers Room එකට කෞශල්‍යා ඉන්නවද බලන්න එහෙ නැති නිසා කැන්ටින් එකට ගිය එය එහෙත් නැහැ කියලා දැන්ගත්ත කෙල්ලො ටික ඉක්මනට පන්තිකාමරේට යන්න හද්දි Principle office එකේ ඉන්න කෞශල්‍යා මිස්ව දැක්කා

" ඒ බන් අර කෞශල්‍යා මිස් නේද "

"ඔව් ඇයි දන්නෙ නෑ ඔෆිස් එකේ ඉන්නෙ අපි ගැන කියන්නද "

සෙවනැල්ල || GL ||Where stories live. Discover now