15 වන කොටස

76 10 47
                                    

ආදි දිනුකිට ඉඟි කරයින් පස්සෙ දිනුගි එයාගෙ ටිකිරි මොලේ කල්පනා කරලා කුජීත දෙයක් කිව්වා

"නුවන් සර් ඉස්සර ඉන්න බයයි වගේනම් මෙතනින් ඉද ගන්න අපි අයින් වෙන්නම්"

දිනුකි කරපු දෙයින් ආදි එයාගෙ ඔලුවට ගහගද්දි දිනුකිට තේරුනේ සම්මානිලා හිටියෙ එයාලගෙ පෝලිමේ අනිත් පැත්තෙ කියන වග ඒ කියන්නෙ දැන් නුවන්ට සසින්දි දිහා බලන්න බැරි එකම බ්ලොක් එක ආදි එයා එහාට වුන ගමන් නුවන්ට සසින්දිව දකින්න පුලුවන්

ආදි හිටන් ඉන්න එක දැකලා සසින්දි එයාට වාඩි වෙන්න කිව්වත් අහන්නෙ නැතුව ට්‍රිප් එකේ යන තැනට වෙනකන් හිටන් හිටියේ සසින්දි මිස්වයි කෞශල්‍යා මිස්වයි ආරක්ශා කරන්න

යන තැනට ආව ගමන් ලමයි එකින් එක බහින්න ගද්දි ආදි හිටියෙම සසින්දිගෙ පිටිපස්සෙන් ඒක දැක්ක අනිත් කෙල්ලො දෙන්නා කන්ෆියුස් වුනා

"ඇයි බන් අපි මිස්ලා එක්කම ඉන්නෙ "

"මන් පස්සෙ කියන්නම් දැනට මන් කියන දේ අහලා මන් කරන විදිහටම මිස්ලා එක්ක හිටහන් "

"ඇයි ඒ "

"ඒක ලොකු කතාවක් මන් ගෙදර ගිය ගමන් කියන්නම් හරිද "

"හා "

පස්සෙ තුන්දෙනාම මිස්ලා දෙන්නගෙන් පස්සෙන්ම හිටියා නුවන්ට තේරුනේ නැහැ ඇයි මේ ලමයි තුන්දෙනා සසින්දිගෙයි කෞශල්‍යාගෙයි පස්සෙන්ම ඉන්නෙ කියලා

ආදිගෙ මේ හැසිරීම එයාගෙ යාලුවොන්ටත් ප්‍රශ්නාර්ත ලකුණක් වුනේ ආදි මුකුත් කියන්න සූදානම් නැති නිසා

ටික වේලාවකින් පේරාදෙණියට මල් වත්තට ආව ඔවුන් එය නරඹන්න ගත්තා විනාඩි 10කට ආදිගෙ අවදානේ මිස්ලා දෙන්නගෙන් බිදුනා මිස්ලා දෙන්නා ඒ දෙන්නගෙ ලෝකේ කියව කියව ඉන්නකොට නුවන් එතනට ආවා

" ආ කෙල්ලො දෙන්නා මොකෝ මේ තනියෙම කෝ ඔයාලගෙ බොඩිගාඩ් "

"බොඩිගාඩ් කවුරු ගැනද කියන්නෙ "

"අර බට්ටො තුන්දෙනා ගැන හැම වෙලේම පස්සෙන් එන්න කන්න ගියත් බොන්න ගියත් රෙ### ගියත් එනවද "

සෙවනැල්ල || GL ||Where stories live. Discover now