යසිරුයි ආදියි ඉස්කෝලෙට ගිය ගමන් ආදි දුවන් ගියේ සසින්දි ලගට
සසින්දි දැක්කෙ අද වෙනකන් හිනාවක් තිබ්බෙ නැති ඒ මූණෙ ලස්සනම ලස්සන හිනාවක් එකපාරට සසින්දිට හිතා ගන්න බැරි වුනා මේ ආදිමද කියලා
" හායි මිස්....."
"හ..හායි ආදි කොහේ ඉදන්ද මේ දුවන් එන්නෙ උදේ පීරියඩ් 3 නේම හිටියෙ නැහැ කොහෙද ගියේ ආ ඔයාගෙ යාලුවොන්ගෙනුත් ඇහුවා "
හප්පා දැන් මොකක්ද කියන්නෙ මන් කොහෙ ගියා කියලද කියන්නෙ හිතන්න ආදී හිතන්න
ආදිට මොකක්ද කියන්නෙ කියලා හිතා ගන්න බැරුව ඉද්දි එතනට යසිරු ආවා
" සසින්දි මිස් ආදි හිටියෙ මන් එක්ක ඇත්තටම මට පොත් වගයක් ගන්න ඕන වුනා මන් එනකොට දැක්කෙ ආදිව ඒ නිසා එයාව එක්කගෙන ගියා "
"එහෙමද සර් ඒත් මෙහෙ නීතියක් තියෙනවා ඉස්කෝලෙ ආව කිසිම ලමයෙක් සර් කෙනෙක් එක්ක හෝ මිස් කෙනෙක් එක්කවත් දැනුම් දීමකින් තොරව පිටවෙලා යන්න බැහැ කියලා "
"සොරි සසින්දි මිස් මන් ඒ ගැන වැඩිය දන්නෙ නැහැ "
"ඒකට කමක් නැහැ ආයෙ එහෙම කරන්න එපා "
"ඕකේ මිස් "
"ආදි දැන් ඔයා පන්තියට යන්න මන් හවසට ඔයත් එක්ක කතා කරන්නම් "
"හරි මිස් බායි මිස් බායි සර් "
ආදිගෙ මේ එකපාර ආව විනෝදකාමී හැසිරීම දැකල සසින්දි පුදුම වුනා
"පිස්සු කෙල්ල "
"මිස් මොකක් හරි කිව්වද "
"නැ නැ සර්ව හමුවීම සතුටක් "
"මටත් "
යසිරු සහ සසින්දි එතනින් පිටව ගියා සසින්දි කෙලින්ම ගියේ teachers room එකේ ලමයින්ගෙ පොත් බලන කෞශල්‍යා දිහාවට
"කෞශී........"
"මොකද බන් බෙරිහන් දෙන්නෙ මන් මෙතන වැඩක් "
" මේ දැන් ටිකකට කලින් මාර වැඩක් වුනානේ "
"ඇගෙන් ඈත් වෙලා ඔතන වාඩි වෙලා වුන දේ කියහන් "
කෞශල්‍යා සසින්දිව ඇගෙන් තල්ලු කරලා එයාගෙ වැඩ කරන්න ගත්තා
YOU ARE READING
සෙවනැල්ල || GL ||
Fanfictionතමන් ආදරේ කරන කෙනා තමාටම නොදැනී තමන්ගෙන් වෙන් වෙන්වෙයි කියා සිතුවත්.... ඔවුනුත් ඔබවම පැතුවොත් කුමක් වේවීද ❤.... එය කෙසේ වේවිද යන්න මෙම කතාංගයෙන් නරඹන්න....